IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එරට කතානායක නැන්සි පෙලොසි අතර ආරවුල උග්‍ර වී ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (4) කොංග්‍රසයට සිය වාර්ෂික කතාව ඉදිරිපත් කළ අතර ඔහු එහිදි කතානායක නැන්සි පෙලොසිට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමත් ඇය ජනාධිපතිවරයාගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමීමත් දෙදෙනා අතර ඇති ආරවුල තීව්‍ර කිරීමට හේතුවිය.

ඇමෙරිකානු ජනාධිපතිවරු වාර්ෂිකව එරට කොංග්‍රසය අමතන අතර එය ඉංග්‍රීසි බසින් ‘ස්ටේට් ඔෆ් ද යුනියන් ස්පීච්’ යනුවෙන් හැඳින්වේ. ඇමෙරිකාවේ පාර්ලිමේන්තුව කොංග්‍රසය, සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කොටස් දෙකකින් සමන්විතය.  සෙනෙට් සභාවේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට වන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකව වන නැන්සි පෙලොසි ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකාවකි.

ජනාධිපති ට්‍රම්ප් බලය අවභාවිත කළේ යැයි චෝදනා කරමින් ඩිමොක්‍රටික් පක්ෂය ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනා අතර එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය. මේ දිනවල එය සෙනෙට් සභාවේ  විභාග වෙමින් පවතී.
මිනිත්තු 80ක් දීර්ඝ වූ ජනාධිපතිවරයාගේ කතාවේදී දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොකීවේය.

කෙසේ නමුත් මෙහිදි පක්ෂ දෙක අතර විශේෂයෙන් ජනාධිපතිවරයා සහ කතානායක අතර තිබෙන ගැටුම උත්සන්න වන ආකාරයේ වචන ද භාවිත විය.

ජනාධිපති ට්‍රම්ප්ගේ කතාව පැවැත්වෙද්දි රිපබ්ලිකන්වරුන් වරින් වර නැගිට අත්පොළසන් දුන් අතර ඩිමොක්‍රටික්වරු නිහඬව අසුන් ගෙන සිටියහ.

රිපබ්ලිකන් පක්ෂය බොහෝ දුරට ජනාධිපති ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කරනු ඇතැයි පැවසේ. බලය අවභාවිත කිරීමට අමරතව ට්‍රම්ප් කොංග්‍රසයට බාධා එල්ල කළේ යැයි ද චෝදනා එල්ල වී තිබේ. දෝෂාභියෝග විභාගයේ ඡන්ද විමසීම එරට වේලාවෙන් බදාදා, එනම් අද (5) පස්වරු 4ට ආරම්භ වීමට නියමිතය.

ට්‍රම්ප් සහ පෙලොසි මෙසේ හමුවූයේ මාස හතරකට පසුවය. ධවල මන්දිරයේ පැවැති රැස්වීමකදී පෙලොසි ඉවත් කිරීමට ට්‍රම්ප් පියවර ගෙන තිබිණි. ඉන් පසු දෙදෙනා මුණ ගැසුණු පළමු අවස්ථාව මෙය විය. සිය වාර්ෂික කතාව කිරීමට පීඨීකාවට පැමිණි අවස්ථාවේදී පෙලොසි ඔහුට ආචාර කිරීම සඳහා අත දිගු කළත් ජනාධිපති ට්‍රම්ප් එය ගණනකට නොගත්තේය. ට්‍රම්ප්ගේ කතාවෙන් පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා පෙලොසි, ජනාපති ට්‍රම්ප්ගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමුවාය.

ජනාධිපතිවරයා කොංග්‍රසය ඇමතීමට පෙර කතානායකවරයා සාම්ප්‍රදායිකව ඔහු හඳුන්වාදෙන අතර එහිදි ගෞරවාන්විත සහ වරප්‍රසාදිත යන අරුත් දෙන ඉංග්‍රීසි වදන් යොදාගැනේ. එහෙත් මෙවර කතානායිකා පෙලොසි ට්‍රම්ප් හඳුන්වාදුන්නේ “කොංග්‍රසයේ සාමාජිකයනි, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති” යනුවෙනි.

රොයිටර්

055



අදහස් (2)

ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති

Kumar (Gulf) Wednesday, 05 February 2020 07:02 PM

නැන්සි පෙලොසි කියන්නේ තනිකරම උද්දච්ච කාන්තාවක්. ඇයට තිබෙනෙන්නේ තනිකරම පළිගැනීමේ චේතනාවයි.

:       118       504

ruwan Thursday, 06 February 2020 04:21 AM

ලංකාවේ ජනමතය පිළිබද එක්සත් ජාතික පක්ෂයට අවබෝදයක් නැතුව සේම ඇමෙරිකානු ජනතාවගේ ජනමතය පිළිබදවද ඩිමොක්ක්‍රෝටික් පක්ෂයට අවබෝදයක් නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ජනපති වනු ඇත.

:       225       428

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

නේටෝ මහ ලේකම් ජනපති ට්‍රම්ප් හමුවෙයි
2025 මාර්තු මස 14 32 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ‘නේටෝ’ මහ ලේකම් මාක් රූට් අතරේ හමුවක් වාෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. එම හමුවේදී, මාධ්‍යවේදීන් ග්‍


සිරියාවට තාවකාලික ව්‍යවස්ථාවක්
2025 මාර්තු මස 14 20 0

සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 548 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 518 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට
2025 මාර්තු මස 14 13 0

ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර


ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 1902 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 228 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 522 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site