සෝල්හිදීය/රොයිටර් (රොයිටර්)
එක්සත් ජනපදය විශ්වාස කළ නොහැකි යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී උතුරු කොරියාවේ විදේශ අමාත්‍යවරයා හමුවෙමින් පවසා ඇතැයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ ඇමෙරිකා එක්සත් ජනපද සම්බාධක නොතකා ඉරානයේ සංචාරයක නිරත වී සිටි. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අඟහරුවාදා (7) ඉරානයට නව සම්බාධක පැනවීමය.
වසර 2015 දී ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසු ඉරානයට පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමට එවකට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පියවර ගත්තේය. එහෙත් ඉරානය න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගත්තේය.
ඉන් අනතුරුව ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමෙරිකා ජනාධිපතිවරයා පියවර ගත් අතර ඉවත් කරන ලද සම්බාධක ද නැවත පැනවීය.
ඉරානය සමඟ ගනුදෙනු කරන කිසිවකු සමඟ තමන්ගේ ගනුදෙනුවක් නැතැයි ද සම්බාධක පැනවීමෙන් පසු ඇමෙරිකා ජනාධිපතිවරයා පැවැසීය. එවැනි තත්ත්වයක් මධ්‍යයේ උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා මෙලෙස ඉරානයේ සංචාරයක නිරත වී සිටී.
“ඇමෙරිකා එක්සත් ජනපදයේ මෑතකාලීන හැසිරීම බලද්දි ඇමෙරිකා එක්සත් ජනපදය විශ්වාස කළ නොහැකි රටක් බවට පත්වෙලා. පසුගිය කාලයේදී ඔවුන් ඔවුන්ගේ වගකීම් කිසිවක් ඉටු කළේ නැහැ” හසන් රොව්හානි උපුටා දක්වමින් ඉරානයේ අයි.ආර්.එන්.ඒ පුවත් සේවය වාර්තා කර තිබිණි.
“වත්මන් වාතාවරණය තුළ මිත්‍ර රටවල් ජාත්‍යන්තර ප්‍රජාව තුළ සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කළ යුතුයි. එමෙන්ම බොහෝ ප්‍රශ්න සම්බන්ධයෙන් ඉරානයටත් උතුරු කොරියාවටත් තිබෙන්නේ එකම අදහසක්” යැයි ද හෙතෙම පවසා ඇත.
ඉරානය සමඟ තිබෙන සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම තම උපායමාර්ගික ප්‍රතිපත්තිය යැයි එහිදි උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
055
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ‘නේටෝ’ මහ ලේකම් මාක් රූට් අතරේ හමුවක් වාෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. එම හමුවේදී, මාධ්‍යවේදීන් ග්
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇමෙරිකානු සම්බාධක නොතකා උතුරු කොරියානු විදේශ ඇමැති ඉරානයේ සංචාරයක