නීති විරෝධී ලෙස භාණ්ඩ ගෙනයෑම සඳහා යොදාගනු ලැබූ මෙතෙක් හමුවූ දිගම උමං මාර්ගය මෙක්සිකෝ දේශ සීමාවෙන් සොයාගත් බව ඇමරිකානු නිලධාරීහු පවසති.
අඩි 4309ක් දිග මෙම උමං මාර්ගයේ දුම්රිය මාර්ගයක්, ජලනල පද්ධතියක්, වායු පද්ධතියක්, අධි වොල්ටීයතා විදුලි රැහැන් සහ උමං මඟ දිගේ විහිදෙන සෝපානයක් සකස් කර ඇත.
උමගේ අඩි 70ක ගැඹුරකින් පිහිටා ඇති අතර උස අඩි 5.5ක් සහ පළල අඩි දෙකක් වන බව ඇමෙරිකානු රේගු හා දේශසීමා ආරක්ෂණ ආයතනය පවසයි.
වැඩ නිම නොකළ අතුරු මාර්ගයක් ද උමගේ තිබී හමුවී ඇත.
මෙම උමං මාර්ගය මෙක්සිකොවේ කර්මාන්ත පුරයක් වන ටිජුවානා සිට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියාගෝ ප්‍රදේශය සම්බන්ධ කරමින් විහිදේ.
සැකකටයුතු කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් මත්ද්‍රව්‍ය කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බවත් බලධාරීහු පවසති.
තොරතුරු අනාවරණය වීමෙන් පසුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මෙම උමඟ සම්බන්ධව විමර්ශන සිදුකළ බව ද ඔවුහු පවසති.
මෙක්සිකෝ කැලිෆෝනියා දේශ සීමාවේ මෙවන් නවීන උමං දුසිමකට වඩා සොයාගෙන ඇති අතර අඩි 2966ක් දිග උමගක් ද 2014 වසරේදී සොයාගෙන තිබිණි.
ලෝකයේ විශාලම මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක් වන මෙක්සිකෝවේ සිනාලෝවා කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රදේශයේ ය. එම සංවිධානයේ නිර්මාතෘ හා දිගු කාලීන නායක එල් චැපෝ ඇමරිකාවේ බන්ධනාගාරයක ජීවිතාන්නය දක්වා සිර දඬුවම් විඳිමින් සිටියි.
(බීබීසී ඇසුරිණි - 085)
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇමෙරිකාවට හොරෙන් භාණ්ඩ ගෙනගිය දිගම උමඟ සොයාගනී
මුණසිංහ Thursday, 30 January 2020 07:57 AM
තවත් රටවල් කීයක් යා කර මෙවැනි දේ සිදු කර ඇතිද?
රවින් Thursday, 30 January 2020 09:03 AM
එහෙනම් ලෝකෙට පුරසාරම් දෙඩුව කෙනාටත් ටික කාලෙකට හරි කොකා පෙන්නලා නේද ? කාගේ වැඩක්ද?