පසුගිය කාලය පුරාම ඇමරිකාව උතුරු කොරියාව සමග සෘජු සබඳතා පවත්වාගෙන ගිය බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මහතා ප්‍රකාශ කර ඇත.
ඇමරිකාවට උතුරු කොරියාව සමග සන්නිවේදන සබඳතා තිබෙන බවත් දෙරට අතර ඇත්තේ අඳුරු පරිසරයක් නොවන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළ කර ඇත්තේ චීන සංචාරයක යෙදෙන අතරතුරයි.
" ප්යොන්ග්යෑන් පාලනය සාකච්ඡා සඳහා ඇද ගැනීමට සහ ඇහුන්කන්දීම සඳහා යොමුකර ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව වොෂින්ටනය මගක් සොයමින් සිටිනවා".යැයි ද ඒ මහතා පවසා ඇත.
කෙසේ වුවද මෙම සන්නිවේදන සබඳතා පැවැත්වීම ලෝකයටම රහසක් වූ අතර පසුගිය මාස කිහිපය පුරාම එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර බරපතල වාග් සංග්‍රාම ඇති විය. ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍ය ආයතනය ද සඳහන් කර ඇත්තේ දෙපාර්ශවයම මාස කිහිපයක් තිස්සේ ප්‍රසිද්ධියකින් තොරව අදහස් හුවමාරු කරගෙන ඇති බවයි.
මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරයේදී චීන පාලනයේ ඉහල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන අතර එම සාකච්ඡාවන්හි දී උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ක්‍රියාවට නංවන මෙන් චීනයෙන් ඉල්ලා සිටිමට ද නියමිතව ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇමරිකාව උතුරු කොරියාව සමග සබඳතා පවත්වයි
ravin Sunday, 01 October 2017 03:49 PM
කපන්න බැරි වුණාම අත සිප ගන්නවාලු නේද?
samjay Sunday, 01 October 2017 07:24 PM
මේගොල්ලෝ හොරට යාලුකම් පවත්තමින් අනෙක් රටවලට කියනවා යාලුකම් පවත්වන්න එපා කියල.
දිලාන් Monday, 02 October 2017 01:26 AM
මාධ්‍ය හරහා ලෝකයට පෙන්න්වනේ එකක්. කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. බලාගෙන ගියාම ඔක්කොම ඩබල් ගේම් කාරයෝ.