(ඒ.එෆ්.පී* ඇමෙරිකාවේ ගිනි අවි සම්බන්ධයෙන් පවතින නීති දැඩි කිරීමට එළඹෙන වසර මුලදී පියවර ගැනීමට තමා සූදානමින් සිටින බව ජනපති බැරැක් ඔබාමා ඊයේ(20) ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. පසුගියදා නිව්යෝර්ක් නුවරට යාබදව පිහිිටි කනෙක්ටිකට්හි පාසලක ඉගෙනුම ලැබූ කුඩා දරුවන් ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගෙන ගිනිඅවි නීති සංශෝධනය පිළිබඳව ඇමෙරිකා රජයේ දැඩි අවධානය යොමු විය. ගිනිඅවි භාවිතයට අදාළ නව නීති කෙටුම්පත් කිරීම සඳහා උප අගමැති ජෝ බයිඩන්ගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. මෙම ගිනි අවි නීති සංශෝධනයට අදාළ යෝජනාවලිය මෙම කමිටුව විසින් එළඹෙන ජනවාරි මාසයේදී ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය. ‘‘ දේශපාලන බෙදීම් මධ්‍යයේ එය එතරම් පහසු කටයුත්තක් නොවන වග අප දන්නවා. ගිනිඅවි පිළිබඳ ගැටලූව ඉතා සංකීරණ එකක් මෙන්ම කිසිවක් නොකර සිටීමෙන් ඊට නිසි පිළිතුරක් නොලැබේ.’’ යනුවෙන් ජනපති ඔබාමා පැවැසීය. හමුදා කටයුතු සඳහා භාවිතා කරන ප‍්‍රහාරක අවි තහනම් කිරීමට ඇමෙරිකානු ජනතාව කැමැත්ත පළ කරනු ඇතැයි ද ජනාධිපතිරයා සඳහන් කළේය. නව නීති කෙටුම්පත් කිරීම සඳහා අදහස් ලබා ගැනීමට රටේ සිටින ප‍්‍රධාන නීතිවේදීන් හමුවීමට අගමැති ජෝ බයිඩන් ඇතුළු කමිටුව සූදානමින් සිටී.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇමෙරිකාවේ ගිනිඅවි පිළිබඳ නීති සංශෝධනයට ඔබාමාගේ දැඩි අවධානය