ඇලස්කාවේ අප්වර්ඩ් සන් රිවර් පුරාවිද්‍යා කැණීම් භූමියේ තිබී 2013 වර්ෂයේ සොයාගනු ලැබූ සති හයක් වයසැති දැරිවියකගේ ඇටසැකිල්ලෙන් ඇමරිකාවේ ජනාවාස ඇතිවීම සම්බන්ධව බොහෝ තොරතුරු අණාවරනය කරගැනීමට හැකිවී ඇතැයි විද්‍යාඥයෝ පවසති.
ඇගේ භෂ්මාවශේෂ ජානමය විශ්ලේෂණයට ලක්කල විද්‍යාඥයෝ පවසන්නේ ඒවා මෙතෙක් හඳුනානොගත් ආදිකාලීන කණ්ඩායමකට අයත් වන බවයි. මෙම භෂ්මාවශේෂ අවුරුදු 11500ක් පැරණි බව ඔවුහු පවසති. සයිබීරියාවේ සිට අවුරුදු 20000කට පෙර තනි කණ්ඩායමක් ලෙස මොවුන් ඇමරිකානු මහාද්වීපයට සංක්‍රමණය වී ඇති බවට මෙයින් සාක්ෂි ඉදිරිපත් වන බව විද්‍යාඥයෝ සොයාගෙන ඇත.
ඔවුන් පවසන්නේ මෙම පූර්වජ පදිංචිකරුවන් සියලුම නූතන ස්වදේශික ඇමරිකානුවන්ගේ මුතුන් මිත්තන් වන බවයි. මේවා ඇලස්කාවෙන් සොයාගත් පැරණිම මානව භෂ්මාවශේෂ වේ.මෙම තොරතුරු නේචර් සඟරාවේ ප්‍රකාශයට පත්කැර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇමරිකාවේ ජනාවාස ඇතිවීම පිළිබඳ තොරතුරු අණාවරනයවේ