ඇමරිකාවේ ගංවතුරට යට වූ හූස්ටන් නගරයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක් පිපිරීමට හෝ ගිනි ගැනීමට ඉඩඇතැයි අනතුරු ඇඟවීම හේතුවෙන් කිලෝමීටර් තුනක පමණ ප්‍රදේශයේ පදිංචි ජනතාව ඉවත් කර ඇත.
ඉන් රසායන ද්‍රව්‍ය වායුගෝලයට කාන්දුවීමට පටන්ගෙන ඇති බව ද වාර්තා වේ.
කළු දුමාරයක් කම්හලින් පිටවන නමුත් තවම පිපිරීමක් සිදුව නැතැයි බලධාරීහු පවසති. කම්හල ආරක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරියකු දුම ශරීරගත වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර සෙසු සේවකයින් සියලුදෙනා ආරක්ෂිතව ඉවත් කරනු ලැබ ඇත.
අධික වැසි හේතුවෙන් විදුලිය බිඳවැටී රසායනාගාර වල සිසිලන ක්‍රියාදාමය අක්‍රිය වීම නිසා මෙම තත්ත්වය ඇති වූ බව පැවසේ. ගංවතුර නිසා විදුලි ජනක යන්ත්‍ර ද ක්‍රියා විරහිත වී ඇත. කම්හල පිහිටි කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම ද තාවකාලිකව තහනම් කර ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘ඇමෙරිකාවේ රසායනික කම්හලක් පිපිරීමට ඉඩක්‘