IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා-ජපාන ජාතිකයන් වුහාන්වලින් මුදා ගනී

ඇමෙරිකානු සහ ජපාන ජාතිකයන් සිය ගණනක් චීනයේ වුහාන් නගරයෙන් මුදා ගැනීමට එම රටවල බලධාරිහු අද (29) පියවර ගත්හ.

මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් වන අතර මේ වනවිට එම නගරය පූර්ණ නිරෝධායනයකට ලක් කර තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය ගණන මේ වනවිට 132 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර වයිරසය ආසාදනය වූ පිරිස 6,000 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නව වෛරසය ආසාදනය වූ පිරිස 2002-2003 කාලයේ පැතිර ගිය සාර්ස් වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ද ඉක්මවා ගොස් ඇතැයි පැවසේ.

නව වෛරසය මේ වනවිට රටවල් 15කට ව්‍යාප්ත වී තිබේ. වෛරසය පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වූයේ වූහාන් නගරයෙන් වන අතර ඒ පසුගිය වසරේදීය. 

 පසුගිය සතියේ දී සංචාරක තහනම් පැනවීමට චීන බලධාරීන් පියවර ගත් මින් පෙර කිසිදු අවස්ථාවක නොවූ අයුරින් වූහාන් නගරය පූර්ණ නිරෝධායනයකට ලක් කිරීමට බලධාරීහු කටයුතු කළහ. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් මිලියන 50කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.

 “අපට නිදහසේ එහා මෙහා යන්න බැහැ. ඒ නිසා අපට හරිහැටි විස්තර ලැබෙන්නේ නැහැ” යැයි ගුවන් මගින් මුදාගත් ජපන් ජාතිකයෙක් පැවැසීය. 

“එක් අවස්ථාවකදී රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ව්‍යාප්ත වුණා. එය ඉතාම කනගාටුදායක” යැයි හෙතෙම කීවේය.

වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා චීනය අතිවිශේෂ ක්‍රියාමාර්ග සහ පියවර ගනිමින් සිටින අතර විදෙස් ගමන් පවා තහනම් කිරීමට පියවර ගෙන ඇත. චීන නව වසර පසුගිය සතියේදී උදා වූ අතර එසේ වුවත් පාසල් වසා දැමීමටත් උත්සව නැවැත්වීමටත් චීනය පියවර ගත්තේය.

මේ වනවිට වෛරසය කෙරෙහි ගෝලීය අවධානය වැඩි වී තිබෙන අතර ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ තවත් රටවල් කිහිපයක් චීනයට යෑමෙන් වැළැකී සිටින්නැයි එම රටවල වැසියන්ට උපදෙස් දී තිබේ. 

වූහාන් නගරයේ විදේශකියන් දහස් ගණන් සිර වී සිටින අතර ගමනාගමන තහනම් පැනවීම නිසා නගරවැසියෝ නිවෙස්වලට වී සිටිති. 

වූහාන් නගරයෙන් තම ජාතිකයන් මුදා ගැනීම සඳහා රටවල් රැසක් සති කිහිපයක් මුළුල්ලේ උත්සාහ දැරූ අතර බොහෝ රටවලට දැඩි අර්බුදවලට මුහුණ දීමට සිදුවිය.

විශේෂයෙන්ම ප්‍රවාහන, සැපයුම්, වෛද්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික හා නිලධාරීවාදී ගැටලුවලට මුහුණ දීමට සිදුවිය. 

ජපන් ජාතිකයන් 200ක් රැගෙන චීනයේ වූහාන් නගරයෙන් පිටත් වූ ගුවන් යානයක් අද (29) උදෑසන ටෝකියෝ වෙත ළඟාවිය. 

වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් එම ගුවන් යානයේ සිටි බවත් ඔවුන් ජපන් ජාතිකයන් පරීක්ෂා කළ බවත් සඳහන් කළ ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන් නිරෝධායනය කිරීමට තීරණය කර නැතැයි ද සඳහන් කළේය.

කෙසේ නමුත් පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු හෝ නිවෙස්වලට වී සිටින්නැයි ජපන් බලධාරීන් වූහාන් නගරයෙන් මුදාගත් පිරිසගෙන් ඉල්ලා ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදය ද විශේෂ ගුවන් යානයක් යවමින් වූහාන් හි සිටි ඇමෙරිකානුවන් 200ක් ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර ඒ අතර ඇමෙරිකානු කොන්සියුලර් කාර්යාලයේ සේවකයෝ ද වූහ. 

යුරෝපා සංගමය ද ප්‍රංශයට අයත් ගුවන් යානා දෙකක් යවමින් එරට සිටින යුරෝපා සංගමයේ රටවල ජාතිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇති බවත් ඉදිරි දින කිහිපයේදී එම ගුවන් යානා චීනයට ළඟා වනු ඇති බවත් වාර්තා විය.

දකුණු කොරියාව ද ඉදිරි දින කිහිපයේදී සිය ජාතිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇතැයි පැවසිණි.

ඉදිරි දින කිහිපයේ දී වූහාන් නගරයේ සිටින තම ජාතිකයන් මුදාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කරන බව ඔස්ට්‍රේලියාව ද අද (29) ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් සරණාගතයන් රඳවා තබන දූපතකට ඔවුන් යොමු කරන බවත් එහිදී එම පිරිස නිරෝධායනයට ලක් කරන බවත් ඔස්ට්‍රේලියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 

ඒ.එෆ්.පී. 

055



අදහස් (0)

ඇමෙරිකා-ජපාන ජාතිකයන් වුහාන්වලින් මුදා ගනී

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

පිලිපීන හිටපු ජනපති ඩුටරේස් අත්අඩංගුවට
2025 මාර්තු මස 12 126 0

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට


මෝදි මුරුසි දූපතේ සංචාරයක
2025 මාර්තු මස 12 64 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා මුරුසි දූපත් රාජ්‍යය බලා පැමිණියේය. මුරුසි දූපත් රාජ්‍යය ඔවුන්ගේ 57 වැනි ජාතික දිනය සමරන අ


මොස්කව් අගනුවරට යුක්රේනයෙන් ප්‍රහාරයක්
2025 මාර්තු මස 12 123 0

රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අත


තර්ජනවලට බය නැහැ: පුළුවන් දෙයක් කරන්න
2025 මාර්තු මස 12 72 0

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජ


ග්‍රීන්ලන්ත මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයට ජය
2025 මාර්තු මස 12 34 0

ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 2858 2

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 153 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site