IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇමෙරිකා යානයේ සුන්බුන් හමුවේ

නාවික භටයන් හය දෙනකු සහ නේපාල සහන සේවකයන් දෙදෙනකු සමග අතුරුදන්ව තිබූ ඇමෙරිකානු හෙලිකොප්ටරයේ කොටස් හමුවූ බව ඇමෙරිකානු ආරක්ෂක බලධාරීන් එය ස්ථිර කළේය.

නේපාලයේ සහන සේවාවල නිරතව සිටින ඇමෙරිකානු බලඝනයේ අණ දෙන නිලධාරි නාවික ලුතිනන් ජෙනරාල් ජෝන් විල්සර් පවසන්නේ මේ අනතුරින් කිසිවකු ජීවතුන් අතර සිටිතැයි විශ්වාසයක් නැති බවයි. නේපාල ආරක්ෂක ලේකම් ෂ්වොරි පවුඩ්යාල් පැවසුවේ ගිනිගත් හෙලිකොප්ටරෙයේ සැකිල්ල සමග තිදෙනකුගේ සිරුරු හමුවී ඇති බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් දැනට පිරික්සුම් කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි. මේ හේතුවෙන් නේපාලයේ ඇමරිකානු නාවික බලඝනය විසින් සිදුකරණ මෙහෙයුම් කටයුතුවලට තරමක බාධාවක් සිදුවන බව ද හෙතෙම පැවසීය.

ඇමරිකානු හෙලිකොප්ටරය අනතුරට පත්ව ඇත්තේ නේපාලයේ ගෝතාලි ප්‍රදේශයේ අඩි 11200 ක් එනම් මිටර් 3400ක් ඉහළ අහසේ ගමන් කරණ විටදී බව නේපාල බ්‍රිගේඩියර් ජනරාල් බිනෝජ් බස්නෙට් පැවසීය. අතුරුදන් යූඑච් - 1 හුවේ හෙලිකොප්ටරයේ  සැකිල්ල නේපාලයේ චැරිකොට් ප්‍රදේශයට සැතපුම් 8 ක් උතුරුදෙසින් වු කඳුකර පෙදෙසක තිබී හමුවු බව  ඇමරිකානු ඒකාබද්ධ කාර්යය බලකාය ද සනාථ කලේය. කෙසේ නමුත් මලසිරුරු හමුවු බවක් පිලිබඳ ඇමෙරිකාවේ බලධාරීන් කිසිවෙක් මෙතෙක් ප්‍රකාශ කර නැත.



අදහස් (0)

ඇමෙරිකා යානයේ සුන්බුන් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 43 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1073 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 108 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1332 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 228 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 141 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site