IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඇමෙරිකා යානා අනුරූවලට ඉරාක ප්‍රහාර?

අවි පුහුණුවේදී ඉලක්කයන් ලෙස ඇමරිකාව සතු ප්‍රහාරක නාවික යාත්‍රා, ගුවන් යානා වල සජීවී ප්‍රමාණයේ අනුරූ භාවිතා කිරීමට ඉරානය කටයුතු කරතියි වාර්තා වේ.

මේ දිනවල ඇමරිකා නාවික හමුදාවේ නිමිට්ස් වර්ගයට අයත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක අනුරුවක් ඉරානයේ බන්ඩාර් අබ්බාස්හි පිහිටි නැව් තටාකයක ඉදිකෙරෙමින් පවතිනු චන්ද්‍රිකා ඡායාරූප වලින් දැකගත හැකිව තිබේ.

ඇමරිකා බලධාරීන් ඉරානය සැබෑවටම ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඉදිකරමින් සිටින්නේයැයි මුලින් බියපත් වුවත් පසුව සිදුකර ඇති සෝදිසි කිරීමකදී හෙළිව ඇත්තේ එය සැබෑ නෞකාවේ ප්‍රමාණයටම සමාන අනුරුවක් බවයි.ඉරානය එය මුහුද මැදට ගෙන ගොස් පුපුරුවා විනාශ කිරීමට සැළසුම් කර ඇතැයි ඔවුහු විශ්වාස කරති.

මිීට පෙර අවස්ථාවකදී ඇමරිකා ප්‍රහාරක ගුවන් යානයකට සමාන අනුරුවක් නිපදවා තිඛෙනුද නිරීක්ෂණය කිරීමට හැකිවුනුණු බව ඇමරිකා බලධාරීහු කියති.

ගල්ස් ප්‍රදේශයේ බලවතා තමන් බව පෙන්වීමට ඉරානය මෙවන් උත්සාහයන් ගන්නා බව ඇමරිකාවේ මතයයි.

ඇමරිකා යුද බලය පැරදවීමට නොහැකි තැන මෙවන් අනුරූ සාදා ඒවා විනාශ කර හෝ සැනසීමට ඉරානය කටයුතු කරන බවක් පෙනෙනා බව ඇමරිකාවේ අදහසයි.

ඉරානය අනුරූ සාදන මුවාවෙන් සැබෑ ලෙසටම කි්‍රයාත්මක වන ප්‍රහාරක යාත්‍රා නිපදවමින් සිටින බවට මුලින් සැක කළත් ඒවාට ගැලපෙන තාක්ෂණය කිසිලෙසකින්වත් ඉරානය සතු විය නොහැකි යැයි සිතන ඇමරිකාව සැනසුම් සුසුමක් හෙළා ඉරානයේ කටයුතු දෙස අවඥාවෙන් බලා සිටිනු පෙනේ.

නමුත් මෙම ආකෘතීන් සැදීම පිටුපස අවි පුහුණුවට ඉලක්ක සැපයීම හා තමන් කලාපයේ බලවතායැයි පෙන්වීමට වඩා දෙයක් ඇත්දැයි දන්නේ ඉරානයම පමණි.



අදහස් (0)

ඇමෙරිකා යානා අනුරූවලට ඉරාක ප්‍රහාර?

රෂීඩ් Saturday, 29 March 2014 11:56 PM

ඇමරිකාවේ තාක්ෂණය පිටිපස්සේ ඉන්නේ, ඉන්දියානු සහ අනෙකුත් දියුණු වෙමින් පවතින රටවලින් ගෙන්නගත්තු වියතුන් සහ ශ්‍රමිකයන්. එත් ඒ සෙල්ලම හැමදාම කරගෙන යන්න ඇමරිකාවට බැරි වේවි. (අ)

:       0       0

රොහාන් ලලිත් අපොන්සු Monday, 24 March 2014 11:22 AM

ඉරාණය කරන දේ කවුරුත් දන්නේ නෑ. අනාගතයේ දී ඉරානය ඉදිරියේ අනෙක් රටවලට දණ ගසන්න වෙයි. (ත)

:       0       0

ප්‍රසන්න Monday, 24 March 2014 12:16 PM

ඇමරිකාව හිතාගෙන ඉන්නවට වඩා තාක්ෂණය ඉරානයට ඇති. නැත්නම් ඇමරිකාවට තියන දියුණුම නියමුවන් රහිත යානාවක් තමන්ගේ රටට ගොඩබා ගත්තේ කොහොමද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1915 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site