වොෂින්ටන්හිදීය (රොයිටර්)
න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මෙම බ්‍රහස්පතින්දා (5) උතුරු කොරියාවට යෑමට නියමිත යැයි ධවල මන්දිරය සඳහන් කරයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මෙලෙස උතුරු කොරියාවට යෑමට නියමිතව තිබේ.
ඒ සම්බන්ධයෙන් සකස් කර ඇති වැඩසටහනකට උතුරු කොරියාවේ එකඟත්වය ලබාගැනීමට ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සූදානමින් සිටින බව වාර්තා වේ.
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන අත්හැරීමට සූදානම් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර දේශපාලනයේ විවාදයක් ඇති වී තිබේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහන ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඔවුන්ගේ මිත්‍ර රටවලට තර්ජනයක් වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියාවේ සංචාරය කරන්නේ එවැනි වාතාවරණයක් මධ්‍යයේය.
එමෙන්ම ජූනි 12 වැනිදා සිංගප්පූරුවේ පැවැති ට්‍රම්ප්-කිම් හමුවෙන් පසුව රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන්නේ පළමු වරටය.
උතුරු කොරියානු සංචාරයෙන් අනතුරුව හෙතෙම ජපානයට යෑමට නියමිත අතර එහිදි ඔහු උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ වැඩසටහන සම්බන්ධයෙන් ජපාන සහ දකුණු කොරියානු නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
055
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා මුරුසි දූපත් රාජ්‍යය බලා පැමිණියේය. මුරුසි දූපත් රාජ්‍යය ඔවුන්ගේ 57 වැනි ජාතික දිනය සමරන අ
රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අත
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජ
ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ උතුරු කොරියාවට