දකුණු අමෙරිකාවේ බටහිර වෙරළේ පිහිටි ඉක්වදෝරයේ ජනයා එකතුවී දිනක් ඇතුළත වැඩිම ශාඛ ප්‍රමාණයක් රෝපණය කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සෙනසුරාදා සමත් වූ බව ඒ.එෆ්.පී පුවත් සේවය කියයි.
එදින දහස් ගණනක පිරිසක් ගස් 647,250 ක් රෝපණය කළ බව ඉක්වදෝර ජනාධිපති රෆායල් කොරියා පවසයි.
ඇමසන් වනාන්තරය, ඇන්ඩීස් කඳුවැටියෙන්ද සමන්විත ඉක්වදෝරයේ වනාන්තර බහුල වෙති.
වන ප්‍රතිරෝපණය කිරීමේ වැඩසටහනක් ලෙස විවිධ වර්ගයේ පැල වගාකරමින් ඉක්වදෝරයේ සෑම ප්‍රදේශයකම රුක් රෝපණය සිදුවූ බවත් ජනපති කීවේය. පරිසර අමාත්‍ය ලොරේනා තාපියා ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කීවේ 44,883 දෙනකු හෙක්ටයාර 2000 කට වැඩි බිම් ප්‍රමාණයක් වගා කළ බවයි.
මීට පෙර පසුගිය වසරේදී පිලිපීනයේ කණ්ඩායමක් මෙම ගිනස් වාර්තාව තබා තිබූ බව ගිනස් වාර්තා සඳහන් කරයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇමසන් පැත්තේ ගස් වවා ලෝක වාර්තාවක්
කැනඩා දිසා Monday, 18 May 2015 10:10 PM
දුමින්ද දන්නවද දන්නේ නැහැ ,2012 ජාතික රුක් රෝපණ දිනයට පසු දින වුණේ මොකක්ද කියලා? (නි)
හංසි Monday, 18 May 2015 04:22 AM
ඉතාමත් අගනේයි මෙම වැඩසටහන. හොඳ දේ අගය කළයුතුයි. දැන් වවනවා වෙනුවට කපනවානේ (නි)
පිටබැද්දර ජයා Sunday, 17 May 2015 10:45 AM
අපේ නිරහංකාර ජනපති තුමත් පැල ලක්ෂයක් පොලොන්නරුව හිටවන්න තීරණය කොරල තිබුන පටන් ගැනුමක් හැටියට ! (බ)
උමායා Tuesday, 19 May 2015 02:37 AM
අප රටට පවතින තත්වය යටතේ ආදර්ශයට ගත හැකි යමක් (නි)
හිරාන් Monday, 18 May 2015 07:00 AM
හොරු කොයි පැත්තෙ හිටියත් එකයි. මොවුන්ට ඡන්දෙ දෙන එකෙන් වැළකිලා විරුද්ධතාවය පෙන්වමු. නැත්නම් ඔවුන් හිතන්නේ ඔවුන් වගේම අපිත් මෝඩයි කියලා.රනිල් කියන්නේ අපිට පිරිසිදු චරිතයක් (නි)
සිසිර Sunday, 17 May 2015 01:50 PM
විල්ල්පත්තුවේ හෙක්ටයාර 1,000 ක ගස් අපේ කට්ටිය ගලවල දැම්මා. එ්ක ලෝක වාර්තාවක් වෙන්න බැරිද ? (නදී)
දුමින්ද Monday, 18 May 2015 08:26 AM
අපේ රටෙත් 2012දි මෙහෙම වාර්තාවක් ජාතික රුක්රෝපණ දිනයට කළා (නි)
ඉසුරන්දි Sunday, 17 May 2015 07:05 AM
ආදර්ශවත් වැඩ සටහන් මේවා.(බ)
කුමාර Sunday, 17 May 2015 07:09 AM
ලංකාවේ ඕකේ අනිත් පැත්ත. (බ)
විජේසුන්දර Monday, 18 May 2015 07:37 PM
ඒකටත් එක්ක අපේ ලංකාවේ? (නි)
හේවාවිතාරණ Monday, 18 May 2015 07:41 PM
ලංකාවේද වැඩිම ගස් ගණනක් කපා දමා ලෝක වාර්තාවක් පිහිටුවීමට සූදානම්ද දන්නෙ නැහැ (නි)
රොහාන් ඩුබායි Sunday, 17 May 2015 08:39 AM
අනේ අපිටත් එහෙම නායකයෝ බිහිවෙනවා නම්. (නදී)