ජාත්‍යන්තර ආරක්ෂක සහායක බළකායට අයත් හෙලිකොප්ටර් යානයක් ඊයේ(12) දකුණුදිග ඇෆ්ගනිස්තානයේදී අනතුරට ලක්වීමෙන් එහි සිටි නේටෝ භටයෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඇත්තේ දමාන් පළාතේදීය. අනතුරට හේතුව අයහපත් කාලගුණික තත්ත්වය බවත් ඒ මොහොත වනවිට එම ප‍්‍රදේශයේ සතුරු කි‍්‍රයාකාරකම් නොතිබූ බවත් කාබුල් හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය.
මියගිය හමුදා සෙබළුන් කුමන ජාතීන්ට අයත්දැයි මෙතෙක් හෙළි වී නොමැත. කෙසේ නමුත් දකුණුදිග ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නිරතව සිටින්නෝ ඇමෙරිකානු, බි‍්‍රතාන්‍ය සහ ඕස්ටේ‍්‍රලියානු භටයෝය.
ඉකුත් අගෝස්තු මාසයේදී බ්ලැක් හෝක් වර්ගයට අයත් හෙලිකොප්ටරයක් අනතුරට පත් වීමෙන් ඇමෙරිකානු භටයෝ හත්දෙනෙක් ද ඇෆ්ගන් ජාතිකයන් සිව්දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.
තලේබාන් සංවිධානය ඇතුළු අන්තවාදී සටන්කාමී කණ්ඩායම්වලට එරෙහිව සටන් වැදීම සඳහා මේ වන විට විදෙස් හමුදා භටයෝ 1,00,000 පමණ ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිති. එනිසා රට තුළ සිදු වන ගුවන්ගමන් ඉහළ අගයක් ගන්නා අතරම නිරන්තරයෙන් ගුවන්යානා අනතුරු සිදු වන බව නේටෝ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇෆ්ගනිස්තානයේ හෙලිකොප්ටර් අනතුරකින් නේටෝ භටයෝ 5ක් මරුට