නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් ගුවන් තොටුපොළට ඊයේ (27) උදෑසන එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර හත් දෙනෙක් තුවාල ලැබූහ. ජලල්ලාබාද් නුවර අයත් වන්නේ ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාතටය. නන්ගහාර් පොලිස් ප්‍රකාශක හස්රාත් මොහොමඞ් කියා සිටියේ එය කාර් බෝම්බ ප්‍රහාරයක් බවය. ප්‍රහාරයෙන් පසු නේටෝ හමුදාව ගුවන් තොටුපොළට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව ද වාර්තා වේ. එය තලේබාන් සටන්කාමීන්ගේ ප්‍රහාරයක් යැයි අනුමාන කෙරේ. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ගුවන් තොටුපොළේ නේටෝ හමුදා නිලධාරීන් ද සිටි බවත් ඔවුන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවූ බවත් ආරක්ෂක අංශ පවසයි.
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ
බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්
ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇෆ්ගන් ගුවන් තොටුපොළේ බෝම්බයක් පිපිරී හයක් මරුට