දශක දෙකක් තිස්සේ ඉතියෝපියාවේ අගමැති ධූරය දැරූ පනස්හත් හැවිරිදි මෙලේස් සෙනාවි විදෙස් රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා(21) මියගිය බව එරට රජය ප‍්‍රකාශ කළේය.
මීට මාස දෙකකට පෙර හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා බ‍්‍රසල්ස්හි පිහිටි රෝහලක් වෙත මෙලේස් මාරු කර යවා ඇති බවත් එහිදී අගමැතිවරයා මියගොස් ඇති බවත් එරට රජය වැඩිදුරටත් සඳහන් කළේය.
ඉතියෝපියාවේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය මෙන්ගිට්සු හයිලේ මරියම් බලයෙන් පහකර 1991 දී බලයට පත් වූ මෙලේස් එරට කැරැලි නායකයෙකි.
අගමැතිවරයාගේ අභාවයෙන් හිස් වූ ධූරයට එරට උප අගමැති ලෙස කටයුතු කරන පනස්හත් හැවිරිදි හේලිමරියාම් ඩෙසලෙගන් පත් කරනු ඇතැයි වාර්තා වේ.
මෙලේස් ශ්‍රේෂ්ඨ නායකයකු බව පැවසූ කෙන්යා අගමැති රයිලා ඔඩින්ගා සඳහන් කළේ ඔහුගේ මරණයෙන් පසුව ඉතියෝපියාවේ අනාගතය පිළිබඳ සැකසංකා මතුවන බවයි.
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා මුරුසි දූපත් රාජ්‍යය බලා පැමිණියේය. මුරුසි දූපත් රාජ්‍යය ඔවුන්ගේ 57 වැනි ජාතික දිනය සමරන අ
රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අත
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජ
ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉතියෝපියා අගමැති දිවියෙන් සමුගනී
දිල්ශානි Thursday, 23 August 2012 02:59 PM
මා දන්නා තරමින් ඔහු හොද කෙනෙක් (නි)
අමිල කටුනායක Thursday, 23 August 2012 12:38 PM
මොහුගේ කාලයේදී එම රටවැසියන්ට යම්කිසි සහනයක් ලැබුණා. (නි)