IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉන්දුනීසියාව ගෘහ සේවිකාවන් සෞදියට යැවීම නතරකිරීමට යයි

ජාත්‍යන්තර කම්කරු අයිතිවාසිකම් හා මානව හිමිකම් සුරැුකීමේ ගිවිසුමකට අත්සන් තැබෙන තුරු, ගෘහ සේවිකාවන් සෞදි අරාබියට සේවය සඳහා යැවීම නතර කිරීමේ යෝජනවක් ඉන්දුනීසියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ඉන්දුනීසියානු කම්කරු අමාත්‍ය මුහුමින් ඉස්කන්දර් පැවසූ බව අන්තාරා ඉන්දුනීසියානු දේශීය ප‍්‍රවෘත්ති ආයතනය වාර්තා කරයි. මේ අනුව ඉන්දුනීසියානු ගෘහ සේවිකාවන් සෞදි අරාබියට සේවය සඳහා යැවීම අත්හිටුවීම 2011 අගෝස්තු මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වීමට නියමිතය. සෞදියේ ගෘහ සේවයේ යෙදී සිටි 54 හැවිරිදි ඉන්දුනීසියානු කාන්තාවක විසින් තම සේවාදායිකාව පිහියෙන් ඇණ මරා දැමීමේ වරදට දඬුවම ලෙස පසුගිය ජූනි මස 18 වැනිදා ඇය ගෙළ සිඳ මරණයට පත්කර ඇතුවද, සෞදි ආරාබි රජය මේ පිළිබඳව කිසිදු ආකාරයක දැනුම්දීමක් ඉන්දුනීසියානු රජයට කර නැත. ජකර්තා ආරංචි මාර්ග පවසන්නේ සෞදි සේවාදායිකාව විසින් ඉන්දුනීසියානු ගෘහ සේවිකාවට තම මව් රටට යෑම සඳහා නියමිත නිවාඩු ලබා නොදීමේ ආරවුලක ප‍්‍රතිඵලය ලෙස සේවිකාව විසින් සේවාදායිකාව ඝාතනය කර ඇති බවය. මෙම මරණීය දණ්ඩනය පිළිබඳව ඉන්දුනීසියානු රජය දැනුම්වත් නොකිරීම පිළිබඳව තම බලවත් අප‍්‍රසාදය සෞදි රජය වෙත දැනුම් දීමෙන් පසුව, පසුගිය ජූනි මස 22 දින ජකර්තාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය විසින් උක්ත අතපසුවීම පිළිබඳව තම බලවත් කනගාටුව ප‍්‍රකාශ කර ඇත. 2007 වසරේදී ද සේවාදායකයා විසින් ලිංගික අතවරයකට ලක්කිරීමට තැත් කිරීමේදී ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවක තම සේවාදායකයා ඝාතනය කර තිබුණි. ඝාතනයට ලක් වූ සෞදි සේවාදායකයාගේ පවුලේ සාමාජිකයන්ගේ විශේෂ සමාව යටතේ රියාල් දශලක්ෂයක වන්දියක් ගෙවීමෙන් පසුව, දඬුවමට ලක්වූ ගෘහ සේවිකාව නිදහස් කරගැනීමට ඉන්දුනීසියානු රජය එවර සමත් විය. සෞදි අරාබියේ ඉන්දුනීසියානු ජාතික ශ‍්‍රමිකයන් ලක්ෂ දොළහකට ආසන්න ප‍්‍රමාණයක් සේවයේ යෙදී සිටින අතර, මින් 70% ක් ම ගෘහ සේවයේ යෙදී සිටින කාන්තාවන්ය. පසුගිය කාලය තුළ මැද පෙරදිග රටවල සේවයේ යෙදී සිටින ඉන්දුනීසියානු කාන්තාවන් සේවා ස්ථානයේදී හිංසනයට ලක්වීම සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති බැවින්, ඉදිරියේදී මෙම වාතාවරණය වෙනස් කිරීම සඳහා රජය දැඩි පියවර ගන්නා බව ඉන්දුනීසියානු රජය ප‍්‍රකාශ කරයි. මැදපෙරදිග රටවල ආර්ථික උද්දීපනය සඳහා ඉන්දුනීසියානු ඉන්දියානු පකිස්ථානු හා ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් ඇද ගැනීමට සමත් වූවද, මෙම ශ‍්‍රමිකයන් එම රටවලදී මුහුණ දෙනු ලබන ම්ලේච්ඡු පෞද්ගලික හා අධිකරණමය දඬුවම් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් වාදීහු තම බලවත් නොසතුට පළ කරති.  



අදහස් (0)

ඉන්දුනීසියාව ගෘහ සේවිකාවන් සෞදියට යැවීම නතරකිරීමට යයි

ලසන්ත Wednesday, 28 December 2011 12:07 AM

ඇයි අපේ ලංකාවටත් බැරි මේවගේ තීරණයක් ගන්න.

:       0       0

ඩිල්ශාන් Thursday, 23 May 2013 08:06 PM

ලසන්ත ඔබ හරි.අපේ රටත් මේ වගේ තීරණයක් ගත්තොත් හොඳයි.අපේ කාන්තාවන් මැද පෙරදිග රටවල ගිහින් ආයෙත් ලංකාවට එන්නේ පෙට්ටියෙන්. (නි)

:       0       0

නසාර් Thursday, 23 May 2013 08:17 PM

ලංකා රාජ්‍යයත් මේ වගේ හොද තීරණ ගන්නවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

නසාර් Thursday, 23 May 2013 08:17 PM

ලංකාවත් මේවගේ තීරණ ගන්නවානම්... (ත)

:       0       0

ජානක Wednesday, 07 May 2014 02:11 PM

අපේ අයට එහෙම කලොත් නය ටික ගෙවාගන්නේ නොහොමද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site