මෑතකදී සෞදි අරාබියේ නිල සංචාරයක යෙදෙන අතර තුර තම රටේ සේවා නියුක්ත පුරවැසියන් පිළිබදව කෙරුණ සමාලෝචනයකට අනුව ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩොඩො මහතාගේ නිර්දේශය මත සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 21ට ගෘහ සේවිකාවන් සහ රියදුරන් එවීම නවතා දැමීමට තීරණය කර ඇති බව සෞදි පුවත්පත් සදහන් කරයි.
ඒ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලට අනුව ඉන්දුනීසියානු බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මාස 15 කට නොවැඩි කාලයක් තුළ දැනට සෞදි අරාබියේ සේවයේ නියුතු සියලු ගෘහ සේවිකාවන් සහ ගෘහ රියදුරන් වහාම තමරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවද සදහන් කරයි.
ඉන්දුනීසියා බලධාරීන් විසින් ගෙන ඇති මෙම දැඩි තීරණයත් සමග සෞදි අරාබියේ පවතින ගෘහ සේවක හිගය තව තවත් උග්‍ර වීමට බලපාන බව සදහන්වේ.
වැඩිදුරටත් පුවත්පත සදහන් කරනුයේ මේ වනවිට සෞදි අරාබියේ ඉන්දුනිසියානු පුරවැසියන් ලක්ෂ 7 කට නොවැඩි ප්‍රමාණයක් රැකියාවල නියුතු වන අතර එයින් වැඩි ප්‍රමාණයක් ගෘහ සේවිකාවන් බවය.
රියාද් සහ ජෙඩා පිහිටි ඉන්දුනීසියානු තානාපති බලධාරීන් පවසනුයේ දිනකට අවම වශයෙන් කම්කරු ගැටළු 10 ක් පමණ වාර්තා වන බවත් එම ගැටළු වලින් බොහොමයක් වැටුප් පිළිබද ගැටළු බවයි.
ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරනුයේ සෞදි අරාබිය,කුවේට්,කටාර්,බහරේන්,ඕමාන්,ජෝර්දාන්,එක්සත් අරාබි එමිරය,ලෙබනනය සහ ඊජිප්තුව ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල් 21 ක් සදහා මෙම තහනම ක්‍රියාත්මක වන බව ඉන්දුනීසියානු බලධාරීන් පවසන අතර මෙයට හේතු වශයෙන් සදහන් වනුයේ මෙම රටවල ගෘහ සේවය සම්බන්දව පනවා ඇති කම්කරු නීති රෙගුලාසි වල සහ සේවකයන්ගේ භෞතික සහ සදාචාරාත්මක අයිතිවාසිකම් පිළිබදව ඇති අඩු ලුහුඩුකම් නිසා බවය.
කෙසේ වුවද මෙම ගැටලුවට ආසන්නතම හේතුව ලෙස සදහන් වනුයේ සෞදි කම්කරු අමාත්‍යාංශය විසින් 2011 වසරේදී ඉන්දුනීසියානු ගෘහ සේවක සේවිකාවන් සදහා විසා බලපත් නිකුත් කිරීම තහනම් කිරීමෙන් ඇතිවූ ගැටලු කාරී තත්වයි.
ඉන්දුනීසියානු බලධාරින් විසින් පනවන ලද අතිරේක කොන්දේසි සෞදි ජිවන රටාවලට සහ සම්ප්‍රදායන්ට අනුකුල නොවීම ගෘහ සේවක සේවිකාවන් මෙම රටවලට එවීම තහනම් කිරීමට තවත් හේතුවක් ලෙසද සඳහන් වේ.
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉන්දුනීසියාව මැදපෙරදිග සේවයට නොයයි
ජයලත් Thursday, 24 September 2015 02:15 AM
අපේ රට සම්බන්ධයෙනුත් මෙහෙම තීරණයක් ගනීවි මේකට ලියන අපි මේ රටේ පාලකයෝ නම් නැත්නම් කවදාවත් ඒක වෙන්නේ නැහැ හේතුව කව්රුත් දන්නවා මටතියන ප්‍රශ්නය ඒක නෙමෙයි මේ රටේ කාන්තාවන් වෙනුවෙන් රෙදි උස්ස ගෙන පාරවල් ගානේ බෝඩ් උස්සන් ඉන්න කිසිකෙනෙක් මේගැන වචනයක් කතාකරන්නේ නැති එකයි පාර්ලිමේන්තුවේ කාන්ත නියෝජනය වැඩිකරන්න ඕන කියලනම් කෑගහනවා නමුත් එළිපිට කෙරෙන මේ මස් වෙළදාම ගැන නිහඬයි (බ)
උපසේන Wednesday, 23 September 2015 12:13 PM
ඒක කරන්නේ කොහොමද? රටේ දේශපාලුවෝ බඩපිණුම් ගහන්නේ මැදපෙරදිග කාන්තාවෝ එවන තුට්ටු දෙකෙන් තමයි. (බ)
ශාන් Thursday, 24 September 2015 09:54 AM
අන්න නියම නායකයෝ !!! (ම)
බණ්ඩාර කුවෙට් Wednesday, 23 September 2015 12:37 PM
අපේ රටේ නීතියක් නැහැ මස් සමග වහල් වෙළදාම (අ)
මනෝජ් Wednesday, 23 September 2015 08:03 AM
ලංකාවෙන් ඒ අඩු පාඩුව නැති කරයි. අපේ ඒජන්සි වලට එන ගහල, කොදු කඩලා එව්වත් කමක් නෑ ගාන හම්බවෙනවනේ. (බ)
ප්‍රදීප් Wednesday, 23 September 2015 08:04 AM
හොද තීරණයක් අපේ රටත් ම වගේ කරනවානම් ගොඩාක් හොදදේ (බ)
රුපාවති Wednesday, 23 September 2015 08:05 AM
ලංකාවේ ජනදිපතිටත් හැකිනම් මෙවැනි තීරණයක් ගන්න. අපේ රටේ දරුවන් දුක් විදිනවා, පවුල් අවුල් මේ රට රැකියා නිසා ..? (ම)
සිල්වා Thursday, 24 September 2015 12:56 PM
කොහොමත් කාන්තාවන් මැදපෙරදිග වහල් සේවට යැවීම නවතා දැමිය යුතුයි රට තුල රැකියා බිහිකර කර්මාන්ත ඉදිකොට නිසි ආදයම් මාර්ගයක් සකසා දීම රජයේ වගකීමක්. මව විදෙස්ගත වීමෙන් දරුවන් නොමගට යනවා මෙන්ම එතුලින් ඇතිවෙන අනිසි ප්‍රතිඵල රටට අහිතකරයි.(හේ)
හුසේන් Wednesday, 23 September 2015 09:09 AM
ඉතා හොඳ වැඩක් අපේ රටෙත් මෙය කළ යුතුයි (බ)
ලක්ෂ්මන් Wednesday, 23 September 2015 04:06 PM
මේ සම්බන්ධයෙන් අපි ලැජ්ජාවෙන්න ඕනෑ.පවුල් විසිරිලා. දරුවන් අසරණවෙලා.කොයි රටද දැන් කාන්තාවන් වහල් සේවයට යවන්නේ. (නි)
මොරිස් Wednesday, 23 September 2015 05:06 PM
මේ වහල් සේවය වහාම නතර කළයුතුයි. විශේෂයෙන්ම ඒ රටවල ගැහැණු අයට යටත්භාවයෙන් සළකන නිසා (නි)
අචිර Wednesday, 23 September 2015 06:17 PM
මේවගේ තීරණයක් අපිත් ගතයුතුයි. ඔය මැදපෙරදිග රටවලට ගිහින් වැඩක් නැහැ. හරිහමන් පඩියක් නැහැ. කාලයත් සල්ලිත් අපරාදේ. ඇමෙරිකාව, යුරෝපය, ජපානය වගේ රටවලට ශ්‍රමිකයන් යැවිය යුතුයි (නි)
ගෞරියෙල් Wednesday, 23 September 2015 06:19 PM
අපේ රට කවදාද මේ වගේ දෙයක් කරන්නේ? (නි)
සුනෙත් Thursday, 24 September 2015 12:28 AM
අපේ රට සම්බන්ධයෙනුත් ඇයි මෙහෙම තීරණයක් ගන්න බැරි? (නි)