ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි සිර කඳවුරක පෙරේදා(21) හටගත් කැරැල්ලක් මැඬපැවැත්වීමට එරට පොලිසිය සමත් විය. කැරැල්ල මැඬපැවැත්වීමට උත්සාහ ගත් අවස්ථාවේදී පොලිසිය සහ රැඳවියන් අතර ඇති වූ ගැටුම්වලින් රැඳවියෝ දෙදෙනෙක් වෙඩි වැදීමෙන් තුවාල ලැබූහ. සිර කඳවුරේ විදේශික සිරකරුවන් 60ක් පමණ සිටින බවත් ඔවුනට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය. රැඳවියන් පිරිසක් සිරකඳවුරේ පිහිටි ආරක්ෂක මුරපොළ අසල සේවයේ නිරත වූ ආරක්ෂක නිලධාරීන්ට පහරදීමත් සමඟ සිරකඳවුරේ නොසන්සුන්කාරී තත්ත්වය උද්ගත විය. අනතුරුව සිරකඳවුරේ පිහිටි කාර්යාලවලට කඩා වැදුණු රැඳවියන් ඒවා ගිනි තැබූ අතර ඒවායේ තිබූ අවි ඔවුන් සතු කර ගත් බව ඉන්දුනීසියා ආරක්ෂක අංශ පවසයි. සිර කඳවුරේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් භටයන් සියදෙනකු පමණ යෙදවීමෙන් අනතුරුව සිර කඳවුරේ පාලනය තමන් යටතට ගැනීමට සමත් වූ බව පොලිස් ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දුනීසියාවේ සිරකඳවුරක කැරැල්ලක්