ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හින්දු කෝවිලකට, ‘කොරෝනා දේවි’ යනුවෙන් නම් කළ අලුත් දේවතාවියක 'වැඩ සිටින' බවත්, ඇය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම පවා ආරම්භ වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.
මෙම කොරෝනා දේවතාවිය, 'වැඩ සිටින්නේ' ඇත්තේ තමිල්නාඩුවේ කොයිම්බටෝර් නුවර, කමට්චිපූරි අධිනාම් හින්දු කෝවිලේ යැයි රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
තවමත් ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වන අතර, ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක්ම කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන බව වාර්තා වේ.
ඒ අතර තමිල්නාඩු ප්‍රාන්තය ද ඇති අතර, ප්‍රාන්ත රජය සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිපඳිමින් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබේ.
කෝවිලේ පූජකයන්, ‘කොරෝනා දේවි’ නමින් නම් කළ නව දේවතාවියගේ පිළිම දෙකක් කොයිම්බටෝර් හින්දු කෝවිලේ ඇත.
සංචරණ තහංචිවලට පිටුපාමින්, තමන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් සහ කන්නලව් කරමින්, කොයිම්බටෝර් වැසියන් ‘කොරෝනා දේවි’ ඉදිරියට පැමිණෙන බවත්, පූජා වට්ටි සඳහාත්, පඩුරු වශයෙනුත් මුදල් කෝවිලේ පූජකයන්ට මුදල් ලබා දෙන බවත් වාර්තා වේ.
කමට්චිපූරි අධිනාම් කෝවිලට පෙළ ගැසෙන ජනතාවගේ විශ්වාසය, කොරෝනා වසංගතය පාලනය කිරීමට ‘කොරෝනා දේවි’ කටයුතු කරනු ඇති බවය.
චෙන්නායිහිදීය (රොයිටර්)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියාවට අලුත් දේවතාවියක්
ganegoda Saturday, 29 May 2021 01:25 PM
කොරෝනා දෙවියා ඉන්දියාවට වැඩමවීම සත්‍යයක්...!!! ඒකනේ ඉන්දියාව කොරෝනාවෙන් පිරිලා ඉතිරිලා තියෙන්නේ...
damith Saturday, 29 May 2021 03:36 PM
ඇයි අපේ උම්මාදේවී... !!!
චින්තක Sunday, 30 May 2021 12:21 AM
මම ගිහින් නැතත් අහලා තියෙනවා... මහත්මා ගාන්ධි පුරුදුකළ මාර්ගවල මළපහ කිරීම දැනටත් ඉන්දියාවේ තදින්ම පවතිනවා කියලා. මෙයින් වෙන්නේ පරිසරය දැඩි සේ අපවිත්‍ර වීමයි. පරිසරය අපවිත්‍ර වනවිට විවිධ ලෙඩ රෝග බෝ වෙනවා. යම්දිනක ඔවුන් කරන මාර්ග අවට අපවිත්‍ර කිරීම නවතා වැසිකිළි පාවිච්චියට ගත්තත් රෝග බෝවීම වළක්වා ගතහැකි වේවි...!!!
dewale kapuwa Sunday, 30 May 2021 05:19 AM
ආ... මේ කාලේ සල්ලි ටිකක් ගරාගන්න කියපු අදහස... මමත් පටන් ගන්නවා ‘‘කොරෝනා දෙවි සුව සේවාවක්...‘‘ කට්ටියම පෝල්ම්වල ඉන්න හොඳේ.. පැණි වගේ නෙමේ අද්දුටුයි.. ප්‍රත්‍යක්ෂයයි... බුලත් 21යි.. පඬුරු රුපියල් 5000යි.