IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉන්දියාවෙන් තවත් චන්ද්‍රිකාවක්

සන්නිවේදන චන්ද්‍රිකාවක් සහිත රොකට්ටුවක් අද (20) අභ්‍යාවකාශ ගත කරන බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පවසයි. මෙය සන්නිවේදන චන්ද්‍රිකාවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ආන්ද්‍ර‍ ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකොටා ගගන මධ්‍යස්ථානයෙන් මෙය අභ්‍යාවකාශගත කිරීමට නියමිතය.

ඉන්දියාවේ සැළසුම වී ඇත්තේ 2016 වසර අවසන්වන විට සන්නිවේදන චන්ද්‍රිකා හතක් ස්ථානගත කිරීම වන අතර මෙය ඒ අතරින් පස්වැනි සන්නිවේදන චන්ද්‍රිකාව වේ.

 

 

 



අදහස් (0)

ඉන්දියාවෙන් තවත් චන්ද්‍රිකාවක්

ගුණසිරි Thursday, 21 January 2016 12:37 AM

අපිත් තව එකක් යවමු (නි)

:       0       1

මහින්ද සෞදි Thursday, 21 January 2016 02:15 PM

අපේ රටේ බඩුමිල උඩයන වේගයට,ඔය ඔක්කොම චන්ද්‍රිකා පරාදයි. (නි)

:       0       0

ඉනෝකා Wednesday, 20 January 2016 09:20 AM

චන්ද්‍රිකා කෙසේ වෙතත් දැයේ අනාගතය බාරගැනීමට සිටින පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට ඩෙස් එකක් පුටුවක් නැහැ..ඉටිකොළ වල වාඩිවෙලා ඉගෙනගන්නේ.ඔන්න අපි ලබලා තියෙන දියුණුව...? (බ)

:       0       0

විජිත් Friday, 22 January 2016 11:13 AM

මේ ප්‍රවෘතිය මුලින්ම මාසිතේ ඉතාමත්ම සතුටක්, ප්‍රීතියක් මෙන්ම මහත්වූ ආඩම්බරයක් ඇතිකළා.ඒ ආතර් සි ක්ලාර්ක් නමින් අපි කවුරුත් දන්නා,ශ්‍රී ලංකාව සිය නිවෙස බවට පත්කරගත් , ලෝක ප්‍රකට අනාගතය ගැන විද්‍යත්මක අනාවැකි කියන්නා සහ ගත් කතුවරයා නිසයි. 1945 දී " වයර්ලස් වර්ල්ඩ් " නමැති ලෝකප්‍රකට සඟරාවකට එතුමා සැපයු ලිපියක් මගින්, ලොවේ මුල්වරට " සන්නිවේදන චන්ද්‍රිකාවක් "ගැන අදහසක් පලකලා.පෘතුවියේ මධ්‍යයේ සිට කිලෝ මීටර් 35,780 උස අහසේ රඳවන චන්දිකාවක් සහ පොළොවේ ස්ථාන 3 ක් ස්ථාපිත " රිලේ " මධ්‍යයස්ථාන 3 ක් මගින් මුළු ලොවටම එකවර සන්නිවේදන කටයුතු කරගෙන යා හැකියි කියා.අදහසක් පමණක් වුන මේ ලිපිය, තවත් වසර 20 කට පසුව 1965 දී ඉන්ටෙල් සැට් 1 සන්නිවේදන චන්ද්‍රිකාව ගුවනට යැවීමෙන් පසු මල්පලගත්තා.එදා සිට අදවෙනවිට චන්ද්‍රිකා තාක්ෂනය අතිවිශාල ලෙස දියුණුවෙමින් විශ්වයේ ජිවය ඇති ඉසවු සොයා යමින් සිටිනවා. එහෙත් මේ චන්ද්රිකාවේ අදහස මුලින්ම පලකල ඒ ශ්‍රී ලංකාව තම " මවු රට කොට " සැලකු ඉංග්‍රීසි ජාතික ආතර් සි ක්ලාර්ක් මහතා 2008 දී අපේ රටේදීම අවසන් හුස්මහෙලා අපේම රටේ මිහිදන් වුනා.නමුත් 1947 දී, ඒ කියන්නේ අපිට වඩා වසරකට කලින් නිදහස ලැබූ ඉන්දියාව අද සෙනසුරුගේ චන්ද්රයෙකුගේ කක්ෂයකට යානාවක් යැවීමට පවා සමත්වී තිබීමම ,ඔවුන් ලබා ඇති තාක්ෂණික දියුණුවේ මහිම කියාපානවා.අප රටවල් 2 අතර නොයෙකුත් දේශපාලනික මතිමතාන්තර තිබුනත්, ඉන්දියාවේ ඇති නැති පරතරය අහස උසට තිබුනත්, මේ" තිත්ත ඇත්ත " අපට පිළිගන්නට සිදුවෙනවා.ඒ විතරක් නොවෙයි..දකුණු ආසියාවේ පළමුවෙනි " ඉන්ටෙර්නෙට් " කේබලය ස්ථානගතකලේ ශ්‍රී ලංකාවේ.නමුත් ඊට පසු ඉන්ටෙර්නෙට් සම්බන්ධතා ලබාගත් ඉන්දියාව ,අපපසුකරගෙන බොහෝ දුර ගිහින්.අපි තවමත් එදා හිටි තැනම නොවේදැයි..මට මහත්වූ පසුතැවීමක් ඇතිවෙනවා..ඒ පමණක් නොවෙයි...අප රටට ජාත්යන්තර සම්මුතියකින් හිමිවී ඇති "චන්ද්රිකා ස්ථාන ගතකිරීමේ " කක්ෂයන් " වලින් කිහිපයක් හෝ යම්කිසි දේශපාලුවෙක් විසින් වෙනත් රටකට දැනටමත් රහසින්ම විකුණා ඇත්දැයි' යන සිතුවිල්ලකුත් මාසිතේ පවතිනවා. උගත් ,බුද්ධිමත් ඔබම තීරණය කරන්න ...ඇයි අපට මෙහෙම සිදුවුනේ කියා.

:       0       0

ඉමේෂ් Wednesday, 20 January 2016 05:23 AM

ඉන්දියාව දවසින් දවස ඉදිරියට යනවා. අපි එකම තැන. රටට හරි හමන් නායකයෙක් නැති එකේ ප්‍රතිපල. (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 20 January 2016 05:49 AM

ඉමේෂ්, ඒක නෙමෙයි ප්‍රශ්නය. හිටපු නායකයෝ මුළු රටේම සම්පත් තම පවුලේ අය සහ ඇම්බැට්ටයින් සමඟ එකතුව හොරකම් කිරීමත්, අපේ රටේ ඡන්දදායකයින් නුසුදුස්සන් නැවත නැවතත් මනාප දී පාර්ලිමේන්තුවට යැවීමත්, පහුගිය ආණ්ඩුවේ සිටි හොරුන් නැවත මේ ආණ්ඩුවට එකතුවීම නිසා ඔවුන්ට විරුද්ධව චෝදනා යටගසා නැවත හොරකම් කිරීමට පටන් ගැනීමත්ය. මේ නිසා අපේ රටට චන්ද්‍රිකාවක් තව අවුරුදු 50 කින්වත් අභ්‍යවකාශගත කරගැනීමට බැරිය. ජනතාව දිනෙන් දින දුප්පත් වෙන අතර දේශපාලකයෝ සහ ඔවුන්ගේ ඇම්බැට්ටයින් පොහොසත් වෙති (නි)

:       0       0

සමන්ත Wednesday, 20 January 2016 05:57 AM

අපි යවපු එකට මොකද වුණේ? (නි)

:       0       0

නිමල් Wednesday, 20 January 2016 11:11 PM

දහම්, මෙහෙනුත් එකක් යවනවලු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site