ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි සෙකුන්දෙරාබාද් නුවර වසර 80 ක් පැරැුණි මහල් තුනකින් සමන්විත හෝටල් ගොඩනැගිල්ලක් ඊයේ (8) හිටිහැටියේ බිමට සමතලා විය.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුන්බුන් සහ කොන්කී‍්‍රට් තට්ටු යට සිරවුණු 14 දෙනකු බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.
තවත් බොහෝ දෙනකු සුන්බුන් අතර සිරවී සිටින බවත් ඔවුන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් සෙකුන්දෙරාබාද් පොලිසිය පැවැසීය. ගොඩනැගිල්ල නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා එය කඩා වැටුණු බව ඉන්දීය බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 11 දෙනෙක් මරුට
සම්පත් Tuesday, 09 July 2013 01:52 PM
තාම හරියට වුනේ නෑ. (නි)
ලාල් Tuesday, 09 July 2013 02:26 PM
පව් තමා අනතුරටපත් අහිංසක මිනිසුන්ට.බුද්දගයාවට වැරදි විදියට සලකපු එකේ විපාක තවම පටන් ගත්තේ නැ.ත්රස්තවාදීන් ජාතක කරන්නේ පාලකයෝ නිසා උන්ට රිදෙන්න තරම් මේක මදි. (අ)
තිළිණ බණ්ඩාර Tuesday, 09 July 2013 02:30 PM
ඉස්සරහට තව වන්දි ගෙවයි. (අ)
ශාන සෞදි Tuesday, 09 July 2013 02:56 PM
ඉස්සරහට තව වන්දි ගෙවයි. බුද්ධගයාවට වැරදි විදියට සලකපු එකේ විපාක තවම පටන් ගත්තේ නැහැ. ඔතන බුද්ධගයාවට බෝම්බ තියපු අයත් ඇති. නැත්නම් එයට මග පාදපු උපකාර කල අයත් ඇති. මතකනේ ඇෆ්ගන් වලට වුන දේ. කොටි දළදා මාලිගාවට ශ්‍රී මහා බෝධියට ගහලා තමයි පොට වරද්දා ගත්තේ (නි)
මැද්දගේ සමන් Wednesday, 10 July 2013 02:16 PM
රංගට මොලේ පොඩ්ඩක්වත් නැති හැටි? (දී)
ප්‍රසන්න Tuesday, 09 July 2013 09:21 PM
ලෝකේ තියෙන කිසිම එකමුතුවක් නැති මහා ජරා රටක් තමයි ඉන්දියාව. ඉන්දියාවේ කෝටි ගනනක් මිනිස්සු ජීවත් වෙන්නේ පාරේ. අවම පහසුකම් වත් නැහැ. දුෂණය නාස්තිය ඉතාම ඉහළයි. ජාති විදියට බෙදිලා, ආගම් විදියට බෙදිලා, ප්‍රාන්ත විදියට බෙදිලා, කුල විදියට බෙදිලා, දුප්පත් පොහොසත් පරතරය ඉතා ඉහලයි. කොයි විදියට බැලුවත් බෙදුණු ජාතියක් තමා ඉන්දියාවේ ඉන්නේ. දකුණු ඉන්දියානුවන් ඉන්දියාවේ රාජ්‍ය භාෂාවක් වෙන හින්දි භාෂාව කතා කරන්න කැමති නැහැ. උතුරු ඉන්දියානුවන් දකුණු ඉන්දියනුවන්ව ගණන් ගන්නේ නැහැ. කියන්නේ අඩු කුලේ කියලා. ලංකාවේ අපි කොච්චර වාසනාවන්තද කියල තේරෙන්නේ ඉන්දියාවේ යතා තත්වේ දැක්කහම.(නදී)
හේමන්ත Tuesday, 09 July 2013 10:47 AM
ඕක තමා අපට ඉන්දියාවට කියන්න තියෙන්නේ, කතාව දෝලාවෙන් ගමන පයින් කියලා.(නදී)
රූපවතී Tuesday, 09 July 2013 04:25 PM
බුද්ද ගයාවට කලදේ? අපිට ඇහෙනකොටම ...අපි දැනගත්ත . ඔය දේට ඉන්දියාවට මුහුණ දෙන්න වෙන බව ...? කෙනෙකුට විපතක් වෙන විට අපි සතුටුවෙන ජාතියක් නෙමේ ..! එත් බුදුන් වහන්සේ ජීව මාන ලෙසින් ලෝකයම පිළිගත් උන් වහන්සේ උපන් භුමියට. උන්වහන්සේ ගේ ධර්මයට,නිගා කල උන්ට... සැනසීමක් නැහැ...? කුමන ආගමකට උවත් නිගරු කරන්නේද ? එහි පල විපාක විදින්න වේවි ...? (අ)
ප්‍රසන්න Tuesday, 09 July 2013 04:45 PM
ඇෆ්ගනිස්තානෙට වුනෙත් ඕකම තමා. බුද්ධාගමට හිංසා කලොත් වෙන්නේ ඕවා තමා. ලෝකේ ඕනෑතරම් උදාහරණ තියෙනවා. (නි)
ලාල් Wednesday, 10 July 2013 03:14 PM
මේ කොමෙන්ට් ඉන්දියෙව් පාලකයන්ට බලන්න යවනවානම් හො;දයි (අ)
තිළිණ Tuesday, 09 July 2013 05:40 PM
මේ කර්ම විපාක ඵල දීම ඇරඹුනා පමණි (නි)
නීරෝ Tuesday, 09 July 2013 05:47 PM
11 දෙනෙක් මැරිලලු නේද? නමුත් බුද්ධගයාවේ නම් එක් කෙනෙක්වත් මියගියේ නැහැ. නමුත් ඉන්දියකාරයෝ නිකන් හිටියි කියල නම් හිතන්න අමාරුයි (නි)
රංග ජයවර්ධන Wednesday, 10 July 2013 12:00 PM
මෙකෙ කමෙන්ට් දාල තියෙන අයට පිස්සුද මන්දා. මේවා ඉන්දියාවෙ නොයෙක් පැතිවල හම් තැනම් වෙනවා බුද්ධගයාව අදාල නෑ.(නදී)