ඉන්දියාවේ ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් නව කොරෝනා වයිරසයට නිරාවරණය වී ඇතැයි පෞද්ගලික රසායනාගාර ජාලයක් අනාවරණය කර තිබේ.
ඉන්දියාවේ පෞද්ගලික රසායනාගාර ජාලයක් වන ‘තයිරෝකෙයා’ රසායනාගාර ජාලය මේ බව වාර්තා කර ඇත.
මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගත් පුද්ගලයන්ගේ ශරීරවල ඉකුත් සතියක කාලයේ දී පැවැති ප්‍රතිදේහවල සාමාන්‍ය අගය සියයට 63.5ක් බව එයින් අනාවරණය වී තිබේ.
මීට මාසයකට පෙර එම අගය සියයට 45ක අගයක තිබී ඇත. ඒ අනුව ඉන්දීය ජනගහයෙන් සැලකිය යුතු පිරිසක් නව කොරෝනා වයිරස නිරාවරණය වී ඇති බවත් ඉන්පසුව ඔවුන්ගේ ශරීරවල ප්‍රතිදේහ නිර්මාණය වී ඇති බවත් මෙමඟින් පෙනී යන බව විශේෂඥයෝ සඳහන් කරති.
පසුගිය දින කිහිපයේදී ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අඩු වුව ද දෛනිකව වාර්තා වන මරණ ගණන අඩු නොවීය. දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය දිනවල අඩු වුව ද වයිරසයේ උච්ඡතම අවධියට පැමිණ ඇති බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කරති.
දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන මීට වඩා බෙහෙවින් වැඩි යැයි බොහෝ පාර්ශව පෙන්වාදෙන අතර දැන් වාර්තා වන වයිරස ආසාදිතයන් සහ මරණ, දැනට වාර්තා වන ගණනට වඩා දස ගුණයකින් වැඩි යැයි ද ඇතැම් විශේෂඥයෝ පෙන්වාදෙති.
ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගත් නව කොරෝනා වයිරසයේ අලුත් විකෘති ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බවත් එය පාලනයෙන් තොර බවත් මේ නිසා බොහෝ ආසාදිතයන් වාර්තා නොවන බව ඉන්දීය සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට විශේෂයෙන්ම හේතු වී ඇත්තේ ප්‍රමාණවත් පරිදි ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු නොවීම යැයි ද වාර්තා වේ.
විශේෂයෙන්ම රට තුළට වන්නට, ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රමාණවත් පරිදි පරීක්ෂණ සිදු නොවන බව වාර්තා වේ.
ප්‍රාන්ත 25ක කලින් වයිරසය ආසාදනය වූ, එන්නත් ලබාගත් සහ වයිරසය ආසාදනය නොවූ පුද්ගලයන් යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදු කළ බවත් තයිරෝකෙයා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආරෝකියස්වාමි වේළුමනී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
(රොයිටර්)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියාවේ තුනෙන් දෙකකට කොවිඩ්