ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට සූදානම් යැයි රුසියාව අද (28) ප්‍රකාශ කළේය. න්‍යෂ්ටික අවි හිමි අසල්වැසියන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තවදුරටත් ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇති බව පවසමින් අර්බුදය විසඳීමට මැදිහත් වීමට සූදානම් යැයි රුසියානු බලධාරීහු කීහ.
ඉන්දු පාකිස්තාන අර්බුදය සමථයකට පත් කිරීම සඳහා ඇමෙරිකාව ද දෙරටට සහාය දීමට සූදානම් යැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (28) පස්වරුවේ පැවැසීය.
රුසියාව සහ ඉන්දියාව අතර සමීප සබඳතා පවතින අතර ඉන්දියාව විශාල වශයෙන් රුසියාවෙන් හමුදා උපකරණ මිලදී ගනි. පසුගිය කාලයේදී පාකිස්තානය සහ රුසියාව අතර තිබෙන සබඳතා ද වර්ධනය විය.
“ඔවුන්ට අවශ්‍ය නම් අපි සූදානම් මැදිහත්කරුවකු වෙන්න” යැයි රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් උපුටා දක්වමින් රුසියාවේ “ටාස්” පුවත් සේවය වාර්තා කර තිබිණි.
අපට යම් කළ හැකි නම් එයත් ඕනෑම උපකාරයක් අවශ්‍ය නම් එයත් කිරීමට රුසියාව සූදානම් යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශික මාරියා සකාරෝවා පැවැසුවාය.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් ඊයේ (27) ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් හා කතාබහ කර ඇතැයි ද වාර්තා විය.
රොයිටර් ඇසුරිනි
055
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ‘නේටෝ’ මහ ලේකම් මාක් රූට් අතරේ හමුවක් වාෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. එම හමුවේදී, මාධ්‍යවේදීන් ග්
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉන්දියාව - පාකිස්තානය අතර අර්බුදය විසඳන්න රුසියාව සුදානම්
chandima Thursday, 28 February 2019 10:36 PM
ඇයි චන්ද්‍රිකා යන පාටක් නැතිද? එයාටත් ඔය වගේ එව්වා පෙන්නන්න බැහැ.