IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉන්දියාව- බංග්ලාදේශය අතර ’’මෛත්‍රී-සේතු’’ පාලම විවෘත කෙරේ

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ෆෙනි ගංඟාව උඩින් ඉදි කළ පාලම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) විවෘත කෙරුණි.

මෙම ව්‍යාපෘතිය “මෛත්‍රී සේතු” යනුවෙන් නම් කර තිබේ. පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී වූයේ විඩියෝ තාක්ෂණය ඔස්සේ ය.

සම්බන්ධතා තුළින් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මිත්‍රත්වය ශක්තිමත් වනවා පමණක් නොව ව්‍යාපාර සඳහා ද ශක්තිමත් සම්බන්ධතාවක් ඇති වන බව මෙම අවස්ථාව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා ද විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට එක්වූ අතර දේශපාලන දේශසීමා වෙළෙඳාමට තිබෙන භෞතික බාධාවක් නොවිය යුතු බව ෂීක් හසීනා ප්‍රකාශ කළාය.

විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මෙම උත්සවයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ත්‍රිපුර ක්‍රියාත්මක කිරීමට නියමිත යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයකට ද මුල් ගල් තැබීය.

බංග්ලාදේශය සහ ඊසාන දිග ඉන්දියාව අතර තිබෙන සම්පූර්ණ කලාපයම වෙළෙඳ කොරිඩෝවක් ලෙස සංවර්ධනය කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදි කීය.   

මෑතකදී හඳුනාගත් දුම්රිය සහ ජල සම්බන්ධතා ව්‍යාපෘති තවදුරටත් ශක්තිමත් කරන බවත් මෙම පාලම මගින් එම ව්‍යාපෘති ශක්තිමත් වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ෆෙනී ගංඟාව උඩින් ඉදි කරන ලද මෙම පාලම ත්‍රිපුර ප්‍රාන්තයේ ඉන්දීය දේශ සීමාවේ සිට බංග්ලාදේශයට ගමන් කරයි. කිලෝමීටර 1.9 ක් දිග මෙම පාලම ඉන්දියාවේ සබ්රූම් සහ බංග්ලාදේශයේ රාම්ගාර් නගර සම්බන්ධ කරයි.

ඉන්දියාවේ ජාතික මහාමාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මූලිකත්වයෙන් ඉදි කෙරුණු අතර මේ සඳහා වැය වී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 133 කි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස 26 සහ 27 දෙදින බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට ද නියමිත ය.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

055



අදහස් (0)

ඉන්දියාව- බංග්ලාදේශය අතර ’’මෛත්‍රී-සේතු’’ පාලම විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site