නවදිල්ලිහිදීය (රොයිටර්)
නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලය සහ ඉන්දියාව අතර එකඟත්වය පළ වී තිබේ. නිදහස් වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් වැඩි අවශ්‍යතාවක් ඇත්තේ ඊශ්‍රායලටය. නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ ඉන්දීය සංචාරයේදී අවධානය යොමු වීමට නියමිතය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු (15) ඉන්දීය සංචාරය ආරම්භ කරන ලද අතර ඊශ්‍රායල අගමැතිවරයකු ඉන්දියාවේ සංචාරය කරන්නේ වසර 15කට පසුය. ඊශ්‍රායල අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සයිබර් ආරක්ෂාව, අභ්‍යාවකාශය, තෙල් සහ ගෑස් යනාදී ක්ෂේත්‍ර ආවරණය වන අයුරින් දෙරට අතර ගිවිසුම් නවයකට අත්සන් තැබීමට නියමිතව තිබේ.
ඊශ්‍රායලය දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට යෑමේ අවශ්‍යතාව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී තිබූ අතර එරට අගමැතිවරයාගේ මෙම ඉන්දීය සංචාරයත් සමඟ දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට යෑමට දෙරටේම එකඟත්වය පළ වී තිබේ. තමන් වෙළෙඳ සාකච්ඡාවලට එකඟ යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායල අගමැතිවරයාගේ සංචාරය ආරම්භයත් සමඟ පැවැසීය.
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලද්දේ 1992 වසරේදීය. එවිට දෙරට අතර වෙළෙඳාමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක් වූ අතර 2016 වසර වනවිට දෙරට අතර වෙළෙඳාමේ වටිනාකම ඩොලර් බිලියන 4.16ක් දක්වා වර්ධනය වී තිබේ. දෙරට අතර වෙළෙඳාමෙන් වඩාත් වාසි සහ ප්‍රතිලාභ අත්ව තිබුණේ ඊශ්‍රායලයටය.
ඊශ්‍රායලය අගමැතිවරයා සමඟ 130ක දූත පිරිසක් ඉන්දීය සංචාරය එක්ව සිටිති. ඉදිරි වසර තුනක කාලයේදී ඉන්දියාවට කෙරෙන අපනයන සියයට 25කින් වර්ධනය කිරීමට ඊශ්‍රායලය බලාපොරොත්තු වෙයි.
055
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියාව සහ ඊශ්‍රායල අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
රවින් Tuesday, 16 January 2018 10:11 AM
ගිවිසුම කෙසේ වෙතත් ඉන්දියාවේ උදවියගේ සාක්කු නම් පරිස්සම් කරගන්න ඕනෑවෙයි.