IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉන්දීය කෝවිලේ තෙරපීම: මියගිය ගණන 109 ට නගී

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ දුර්ගා දේව මැණියන්ගේ කෝවිලක පෙරේදා (13) උදෑසන සිදුවුණු තෙරැුපීමෙන් මියගිය ගණන 109 තෙක් ඉහළ ගොස් ඇති බවත්, මියගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝදෙනකු සිටින බවත් ප‍්‍රාන්ත බලධාරීහු පවසති.

තෙරපීමට හසුවීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින පිරිස 150 කට වැඩිය.

තේරපීම සිදුවුණේ, ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ දාටියා නුවර දුර්ගා දේව මෑණියන්ගේ කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන පූජෝත්සවය අතරතුරේය.

තෙරපීමට හේතු වී ඇත්තේ, කෝවිල දක්වා දිවෙන කුඩා පාලම කඩා වැටීමට යන බවට රාවයක් පැතිර යෑමෙනි. බියටත්, කලබලයටත් පත් වූ බැතිමතුන් එකිනෙකා පෙරළාගෙන කෝවිලෙන් පිටවී යෑමට උත්සහ කළ අවස්ථාවේදී, තෙරැුපීම හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
 

තෙරුපීම සිදුවුණු පාලම

 



අදහස් (0)

ඉන්දීය කෝවිලේ තෙරපීම: මියගිය ගණන 109 ට නගී

සරත් Tuesday, 15 October 2013 10:09 AM

කලි යුගයේ දෙවියෝ මිනිස්සු අමනුස්සයෝ වෙලා. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. (ස)

:       0       0

අමිල Tuesday, 15 October 2013 10:48 AM

කාලි දේව මැණියන් මේ අහිංසක වන්දනා බැතිමතුන් බේරා ගත්තේ නෙත්තෙ මොකද.පව් අහිංසක මිනිස්සු.ලෝකයේ තියන සත්‍ය හැමටම වැටහේවා. (ස)

:       0       0

රේමා Tuesday, 15 October 2013 10:58 AM

දුර්ගා දේව මෑණියෝ නැති වුන පවුල් වලට කන්ඩ අදින්ඩ අරගෙන දේවි. විසි එක් වන සියවසේ මෝඩ මිනිස්සු. (ස)

:       0       0

ලලිත් Wednesday, 16 October 2013 04:20 AM

ඕවාට විහිළු තහළු කරලා වැඩක් නැහැ. ලංකාවෙත් ඔයවගේම තමයි. දහදෙනෙක් මගීන් ඉන්නා තැනකට හිස් බස් එකක් ඇවිල්ලා නැවැත්තුවොත් බලන්න පුළුවන් පෙරළාගෙන නගින විදිය. බස් එකේ සිට් 40 ක් ම තිබුණත් දොර කඩාගෙන නැග ගන්න හදන්නේ? (නි)

:       0       0

කුමාරි Tuesday, 15 October 2013 11:21 AM

ඕනෑම ආගමක් අදහන්න ලොව ඕනෑම මිනිසෙකුට අයිතියක් තිබෙනවා.හැබැයි අන්තවාදී නොවිය යුතුයි.දුර දිග නොබලා කරපු කතාවට දැන් ඒ අය මුළු ජිවිත කාලෙන්ම වන්දි ගෙවයි. (ස)

:       0       0

රාසිං Tuesday, 15 October 2013 11:25 AM

එහෙම කියන්න එපා රේමා අපේ සල්ලි තියන හරක් අර අහවලාගේ කීමට කතරගම ගියා වගේ තමයි... (ස)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 02:29 PM

සත්‍යයා, සෑම ආගමක්ම වාගේ (සියල්ලම නෙමෙයි) අහිංසාව පදනම් කරගෙන තියෙන්නේ. මිනිසුන්ට අධ්‍යාත්මික ගුණ වගාවකට ඒ සියලුම ආගම් උදව් වෙනවා. දැන් ලෝකයේ "ඇතීස්ට්" හෙවත් අදේව වාදීන් කොටසක් ඉන්නවා. ඔවුන් කියා පාන්නේ ඕමාර් ඛය්‍යාම්ගේ දර්ශනය හරි කියලා. නමුත් ඒකෙන් වෙන්න පුළුවන් දුර් විපාක ගැන හිතාගන්න පුළුවන් නේද? ඒ නිසා ආගම් මනුෂ්‍යයාගේ යහපතට හේතු වුනේ නැහැ කීමත් මිනිසුන් අඳුරට තල්ලු කිරීමක් කීමත් කරුණු නොදැන කරන හිස් ප්‍රලාපයක් විතරයි. (ස)

:       0       0

උපාලි Tuesday, 15 October 2013 11:42 AM

මොලවල් වල තරම පේනවා. නොපෙනෙන දෙවියෝ වදින්න යන්නේ. පෙනෙන මිනිස් ජිවිත ගණන් ගන්නේ නැහැ. ඉන්දියාවේ තරම තේරෙනවානේ . විසි එක් වන සියවසේ අරුම පුදුම පරණ මිනිස්සු. (ස)

:       0       0

මාටින් Tuesday, 15 October 2013 11:54 AM

අනේ මෙහෙමත් ගොන් මිනිස්සු. (ස)

:       0       0

නන්ද Tuesday, 15 October 2013 12:12 PM

මේ ගොල්ලන්ගෙ මානව හිමිකම් කැඩෙන්නේ නැත්ද ...... (ස)

:       0       0

සත්‍යයා Wednesday, 16 October 2013 08:02 AM

පොඩි කුමාරි හාමිනේ, ඕනෑම ආගමක් අදහන්න මිනිසුන්ට නිදහස තිබෙන එක ඇත්ත. ඒ වුණාට ඔය කියන "ආගම්" මිනිසාගේ යහපතට බිහිවුණ දේවල් ද, නැත්නම් මිනිසුන් එන්න එන්නම අඳුරු අගාධ වලට තල්ලු කරන මායාකාරී චින්තනයක්ද කියලා හිතලා බැලුවා නම් හොදයි (නි)

:       0       0

ආසිරි Tuesday, 15 October 2013 12:33 PM

දුර්ගා දේව මෑණියෝ මෙයාලව බේරා ගත්තේ නැත්තේ ඇයි?? ලෝකේ ඉන්න අනෙක් මෝඩයෝ ටිකවත් මේක බලල හැදෙන්න. (ස)

:       0       0

රන්ජනී Tuesday, 15 October 2013 01:02 PM

නොපෙනෙන දෙවියන් වැන්ඳේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා..., (ස)

:       0       0

බළංගොඩ Tuesday, 15 October 2013 07:06 PM

බුද්ධාගම දන්න ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් අහගන්න දෙවියෝ කියන්නේ මොන වගෙ. අයද කියලා ඒ අයට මේ පොලමේ හිට ගන්නත් බැහැ ගිලෙනවා ඒ තරමි ඒ අය සිනිදුයි හරියට හිටියොත් දෙවියොයි අපිට වදින්නේ මොකද බුද්ධ චරිතය දිහා බලපුවාම ඒ බවට ඔනෑ කරමි සාක්ෂි තියෙනවා ටිකක් හිතන්න ඔය කියන තරමි ඒ අය බලවත් නැහැ ඔය තත්වය මවලා තියෙන්නනේ (අ)

:       0       0

මර්වින් Tuesday, 15 October 2013 02:09 PM

මෝඩ මිනිසුන්, වෙන මැරෙන්න ක්‍රමයක් නැතිව වගේ. (ස)

:       0       0

මුතුවහන්දී රංජිත් Tuesday, 15 October 2013 02:54 PM

මේ දෙවියන් යදින අවිචාර මිනිසුන් හා අපේ කතරගම වඳින්න යන අවිචාර මිනිසුන් අතර කිසිම වෙනසක් නෑ. අසරණ මිනිසුන්ට බොල් පිළිමයකින් කවර නම් පිළිසරණක්ද ,,,??? මේ අයට කවදා තේරේවිද මේ නොපෙනෙන දෙවියා යක්ෂයෙක් කියා . (ස)

:       0       0

මීණා Wednesday, 16 October 2013 07:37 PM

මෝඩ කතා කියන්න එපා මරණය වලක්වන්න කාටවත් බැහැ (අ)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 16 October 2013 01:27 AM

දේව ප්‍රාතිහාර්යක් පාලා හරි මේ නස්පැත්තිය දුර්ගාට වළකාලන්නට නොහැකිවුණේ මන්ද? (නි)

:       0       0

සමන් Wednesday, 16 October 2013 08:14 PM

1984 ලංකාවට ආපු වෙලාවේ අපේ ස්වාමින් වහන්සේලා දෙනමක් ඔහුව ඉහලින් වර්නනාකලා මතක නද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1935 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3076 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site