දුම්රිය ගාස්තු ඉහළ දැමීමත්, ඊට එරෙහිව ජනතා විරෝධයක් එල්ල වීමත් හේතුවෙන් ඉන්දීය දුම්රිය ඇමැති දිනේෂ් ති‍්‍රවේදි පෙරේදා (18) සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේය. ති‍්‍රවේදි, ඉන්දීය සන්ධාන රජයට එක්ව සිටින තෘණමූල පක්ෂයේ සාමාජිකයකු වන අතර එම පක්ෂයේ මහ ලේකම්වරයා ද වෙයි. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බලය අල්ලාගෙන සිටින්නේ තෘණමූල පක්ෂයයි. ප‍්‍රාන්ත මහ ඇමැතිනිය වන්නේ තෘණමූල පක්ෂ නායිකා මම්තා බෙනර්ජිය. වසර අටකට පසු ඉන්දියාවේ දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුවූයේ පසුගිය බදාදා (14) ය. එම අවස්ථාවේදී දිනේෂ් ති‍්‍රවේදිටත් ඉන්දීය රජයටත් දැඩි ජනතා විරෝධයක් එල්ල විය. දූෂණ වංචා චෝදනා එල්ල වීමෙන් අප‍්‍රසාදයට පත්ව සිටින ඉන්දීය රජය, දුම්රිය ගාස්තු ඉහළ දැමීමත් සමඟ තව තවත් ජනතා අප‍්‍රසාදයට ලක් වූයේ යැයි එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ති‍්‍රවේදිට ජනතාවගෙන් පමණක් නොව ඔහුගේ තෘණමූල පක්ෂ සාමාජිකයන්ගෙන් ද විරෝධයක් එල්ල විය. එම සංශෝධන ඉල්ලා අස්කර ගන්නැයි තෘණමූල පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු බලපෑම් කරන්න වූහ. ඔවුහු ඉකුත් 15 වැනිදා නවදිල්ලි නුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වූහ. තෘණමූල පක්ෂ නායිකා මම්තා බෙනර්ජිට ද ජනතා විරෝධයක් එල්ල විය. ඒ අනුව ති‍්‍රවේදි, ඉන්දීය අගමැති මන්මෝහන් සිංට ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව ඉන්දීය පාලක කොංග‍්‍රසයේ ප‍්‍රකාශක රතන් මුකර්ජි පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ති‍්‍රවේදිද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තම පක්ෂය තුළින් පැන නැගුණු බලවත් විරෝධය හේතුවෙන් සහ මම්තා බෙනර්ජිගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන තමා ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ
බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්
ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉන්දීය දුම්රිය ඇමැති ඉල්ලා අස්වෙයි