IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉන්දීය පාර්ලිමේන්තුවට පහරදුන් අෆ්සාල් ගුරු එල්ලා මරා දමයි

ඉන්දීය පාර්ලිමේන්තුවට 2001 වසරේ දෙසැම්බර් අට වැනිදා එල්ල වූ ප‍්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබ  වරදකරු වූ අෆ්තාල් ගුරුගේ මරණ දඬුවම පෙරේදා (9) උදෑසන කි‍්‍රයාත්මක වීමත් සමඟ ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ විරෝධතා උත්සන්න විය.
2004 වසරේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනාවලට වරදකරු වූ අෆ්තාල් ගුරු අට වසරක්ම මරණ දඬුවම නියමවූවන්ගේ ලැයිස්තුවේ සිටියේය. 
ඔහු එල්ලා මරා දමන්නැයි ඉන්දු කාශ්මීර ප‍්‍රාන්ත රජයේ අනුමැතිය ඉකුත් 21 වැනිදා ඉන්දීය මධ්‍යම රජයට ලැබුණි. 
මරණ දඬුවම ඉවත් කරන්නැයි අෆ්තාල් ගුරු සිය නීතීඥයන්ගේ මාර්ගයෙන් ඉන්දීය ජනාධිපති ප‍්‍රණාබ් මුකර්ජීගෙන් ඉල්ලා සිටියේ ඉකුත් 3 වැනිදාය. එම ඉල්ලීම ජනපතිවරයා විසින් ඉවත දමනු ලැබුණි. ඒ අනුව පෙරේදා උදෑසන තිහාර් බන්ධනාගාරයේ දී මරණ දඬුවම කි‍්‍රයාත්මක කෙරුණි.
2001 වසරේ දී ඉන්දීය පාර්ලිමේන්තුවට පහර දුන්නෝ ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීහුය. ඔවුන්ට ජයිෂ් ඊ මොහොම්මද් සටන්කාමී සංවිධානය ද හවුල් වූ බව පැවසේ. ඉන්දු කාශ්මීර වැසියකු වන ගුරු නවදිල්ලියේ දී අත්අඩංගුවට ගනිද්දී ඔහුගේ නවාතැනේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද තිබී හමුවීය.
ගුරු, ජම්මු කාශ්මීර වැසියෙකි. ඔහු එල්ලා මරා දැමීමත් සමඟ කාශ්මීරයේ ගැටුම් උග‍්‍ර වෙද්දී, ගුරු වීරයකු යැයි කියන ඔහුගේ හිතවාදීන් රජයට එරෙහි විරෝධතා පෙළපාළි පැවැත් වූ අතර පොලිසියත් හමුදාවත් යොදවා එම පිරිස් විසුරුවා හැරීමට ජම්මු කාශ්මීර මහ ඇමැති ඔමාර් අබ්දුල්ලා කටයුතු කළේය. විරෝධතාකරුවන් මර්දනය කිරීමේ අරමුණින් ඉන්දු කාශ්මීරයට ඇඳිරි නීතිය ද පැනැවිය.



අදහස් (0)

ඉන්දීය පාර්ලිමේන්තුවට පහරදුන් අෆ්සාල් ගුරු එල්ලා මරා දමයි

බන්ඩා Monday, 11 February 2013 02:36 PM

ඇයි ලංකාවේ මේක ක්‍රියාත්මක කරන්න බැරි?(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 12 February 2013 07:09 AM

චන්ද්‍රලතාටත් රැකියාව ගැන ආශා හිතිලා වගෙයි. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 February 2013 02:22 PM

ඇමරිකාවට සතුටුද දන්නෙ නැහැ. (නි)

:       0       0

රත්නායක Monday, 11 February 2013 10:50 AM

එතකොට මානවහිමිකම් ගැන කතා කරන්න කවුරුත් නැද්ද (දී)

:       0       0

ජානක Tuesday, 12 February 2013 08:14 AM

දිල්ලිවල දී සමූහ ස්ත්‍රී දූෂණය කළ ස්ත්‍රී දූෂකයන්ටත් එල්ලා මැරීම කළා නම් තමයි නියම. (නි)

:       0       0

ශාන් Monday, 11 February 2013 03:06 PM

එතකොට අර කියුවා වගේ කෝ මානව හිමිකම් බලපෑම් (දී)

:       0       0

චාමිනී Monday, 11 February 2013 03:16 PM

අපේ රටේ නමි එයාට ආරක්ෂාවත් දීලා පාර්ලිමේන්තුවට යවනවා.(නදී)

:       0       0

චන්ද්‍රලතා Monday, 11 February 2013 11:20 AM

මේ සිද්ධිය කාන්තාවන්ට වැදගත් වෙන්නේ මේ එල්ලා මැරීම සිදුකර ඇත්තේ කාන්තාවක් විසින් වීමයි.ඒ විම්ලා මෙහ්‍රා නම් වූ තිහාරි බන්ධනාගාරයේ ප්‍රධානියායි. මේ එල්ලා මැරීම නිසි ලෙස සිදු වූ බවත් අෆ්සාල් සාමාන්‍ය ලෙස සිටි බවත් ඔහුගේ රුධිර පීඩනය සාමාන්‍ය බවත් ඇය ප්‍රකාශ කළා.එල්ලා මැරුවේ සිරකරු සිටි කුටියේ සිට මීටර් 20ක් එපිටින් වූ ස්ථානයකයි. (නි)

:       0       0

දිමුතු Tuesday, 12 February 2013 09:25 AM

ලංකාවේ වුණා නම් මෙලහකට කී දෙනෙක් කුලප්පු වෙලාද? (නි)

:       0       0

උපාලි Monday, 11 February 2013 10:08 PM

ලංකාවේ කලොත් තමයි මානව හිමිකම් කාරයින් කුලප්පු වෙන්නේ. කෝ මේ මානව හිමිකම් කොමසාරිස් තුමිය?(නදී)

:       0       0

කිර්ති Tuesday, 12 February 2013 04:17 PM

අයියෝ ගුරු (දී)

:       0       0

තිලක් Tuesday, 12 February 2013 04:17 PM

දැඩි නීතිමය තත්වයක් (දී)

:       0       0

රොෂාන් Monday, 11 February 2013 04:24 PM

ස්තුතියි චන්දුලතා.(නදී)

:       0       0

චුලා Monday, 11 February 2013 05:36 PM

ඒ වැඩ හොදද (දී)

:       0       0

මාලා Monday, 11 February 2013 05:36 PM

ඉන්දියන් අය ත්‍රස්තවාදීන්ට සලකන්නේ දන්නේ නැහැ. ලංකාවෙන් උදාහරණ ගන්න ඕනා. (නදී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 02:25 PM

එල්ලා මරනවා කියනකොට ඇඟ හිරිවැටෙනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1919 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site