IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඉන්දීය සිනමා තරුවක් නිවී යයි

ඉන්දියාවේ ප්‍රවීණ රංග ශිල්පියකු වූ ඕම් පූරි මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. මිය යන විට ඔහු 66 වැනි වියේ පසුවිය.

මුම්බායි නුවර ඔහුගේ නිවසේ දී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති අතර ඔහු කලාත්මක හා ප්‍රමුඛ පෙළේ සිනමා නිර්මාණවලට රංගනයෙන් දායක වී ඇත. බ්‍රිතාන්‍ය චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් එක්වූ ඕම් පූරි මහත්මා ගාන්ධිගේ චරිතය අළලා සකස් කළ වීර කාව්‍යයකටද රංගන දායකත්වය ලබාදී ඇත.

ඉන්දීය, පාකිස්තාන, බ්‍රිතාන්‍ය හා හොලිවුඩ් චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදුන් පූරි 2004 වසරේදී බ්‍රිතාන්‍ය චිත්‍රපට කර්මාන්තයට ලබාදුන් දායකත්වය වෙනුවෙන් ගෞරව සම්මානයකට ද පාත්‍රවිය.

සිටි ඔෆ් ජෝයි, හන්ඩ්‍රඩ් ෆූට් ජර්නි, ඊස්ට් ඊස් ඊස්ට්, ආර්ද් සත්‍යා, සදගටි, පා සහ ජානේ බි දෝ යාරෝ ආදී චිත්‍රපට රැසක ඔහු කළ රංගනයන් අතිශය ජනප්‍රිය විය. 



අදහස් (0)

ඉන්දීය සිනමා තරුවක් නිවී යයි

රිස්වාන් Saturday, 07 January 2017 07:09 AM

මොහු ඉතාමත් දක්ෂ අග්‍රගණ්‍යයේ නළුවෙක්. මොහුගේ රඟපෑම් ඉතාමත් තාත්වික වන අතර මිර්චි නමැති හින්දි චිත්‍රපටිය නැරඹුවා නම් එය ප්‍රත්‍යක්ෂ වනු ඇත. මොහුට නිවන් සුවපතමි (නි)

:       0       0

මිනිපෙ Friday, 06 January 2017 05:06 PM

ඉතාම අග්‍රගණ්‍යයේ නළුවෙක්. ඒත් අපේ බොහෝ දෙනෙක් මේ නළුවා දන්නේ නැහැ. ඒ මොකද මෙයා චිත්‍රපටි වල ජෝකර් ඇදුම් ඇඳගෙන සින්දු කියලා නැටුවේ නැහැනේ. (නි)

:       0       0

රුවන් Monday, 09 January 2017 10:50 AM

නිවන් සුව ලැබේවා.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට
2025 මාර්තු මස 14 0 0

ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර


ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 1769 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 106 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 2537 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 2702 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 53 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site