IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉන්දීය හමුදා නිලධාරියකුගෙන් පකිස්තාන බුද්ධි අංශයට චෝදනාවක්

ඉකුත් සතියේ දී ආරක්ෂක රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයට පාකිස්තානයේ ප්‍රධාන බුද්ධි අංශය වන අයි.එස්.අයි සම්බන්ධ යැයි මතභේදාත්මක කාශ්මීර් ප්‍රදේශයේ සිටින ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 
 
පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දීය හමුදාවේ රථ පෙළකට කාශ්මීරයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයෝ 40කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම බාරගත්තේය.
 
ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ යැයි ඉන්දියාව චෝදනා කළ අතර මේ හේතුවෙන් න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියන් ඉන්දු-පාකිස්තාන අසල්වැසියන් අතර නැවත වරක් අර්බුද උත්සන්න වී තිබේ. 
 
පාකිස්තානය ප්‍රහාරය හෙළා දකිමින් ඊට සම්බන්ධ නැතැයි ප්‍රකාශ කළ අතර අර්බුදය විසඳීම සඳහා මැදිහත් වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් ද කළේය. 
 
ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන මතභේදාත්මක තත්ත්වය නැවත වරක් උත්සන්න වීමත් සමඟ කාශ්මීරයේ ආරක්ෂාව ද පහත වැටී ඇතැයි වාර්තා වේ. 
 
ප්‍රහාරය පිටුපස සිටින නායකයන් පිළිබඳ කරුණු සොයා බැලූ බවත් ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ දේශසීමාවේ පාකිස්තාන ප්‍රදේශයේ සිට බවත් ඉන්දීය හමුදාවේ ලුතිනන් ජෙනරාල් කේ.ජේ.එස්. ඩිලෝන් පැවැසීය. 
 
“ප්‍රහාරය පාලනය කළේ පාකිස්තානය, පාකිස්තානයේ බුද්ධි අංශය වන අයි.එස්.අයි සහ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ අණ දෙන නිලධාරීන්. ඔවුන් දේශසීමාවේ සිට ප්‍රහාරය මෙහෙයවූවා” යැයි හෙතෙම කීවේය. 
 
කෙසේ නමුත් ලුතිනන් ජෙනරාල් ඩිලෝන් ඔහුගේ චෝදනා සනාථ කිරීම සඳහා හේතු සාධක කිසිවක් ඉදිරිපත් නොකළේය. 
 
ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බැවින් සවිස්තර විස්තර කිසිවක් ඉදිරිපත් කළ නොහැකි බවත් ප්‍රහාරයට පාකිස්තානයේ සන්නද්ධ බුද්ධි අංශය සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම කීවේය. එසේම පාකිස්තාන රජය සහ බුද්ධි අංශය ජායිෂ් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වන බව ද ඔහු කීය. 
 
“ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය පාකිස්තාන හමුදාවේ සහ අයි.එස්.අයි. බුද්ධි අංශයේ නිර්මාණයක්. මේ ප්‍රහාරය මහ මොළකරුවන් වන්නේ පාකිස්තානය, අයි.එස්.අයි සහ ජායිෂ් ඊ මොහොම්මද්” යැයි ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ අගනුවර වන ශ්‍රී නගර් හිදි ලුතිනන් ජෙනරාල් කේ.ජේ.එස්. ඩිලෝන් පැවැසීය.


 055



අදහස් (0)

ඉන්දීය හමුදා නිලධාරියකුගෙන් පකිස්තාන බුද්ධි අංශයට චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site