පාකිස්තානයේ හිටපු සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයකු මෙන්ම වර්තමාන දේශපාලන කරළියේ ප‍්‍රබල චරිතයක් ද වන ඉම්රාන් ඛාන්ට තලේබාන් සංවිධානයෙන් මරණීය තර්ජන එල්ල වෙමින් පවතී. ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයේ නායකයා වන ඉම්රාන්්ට මරණීය තර්ජන එල්ල වී ඇත්තේ ඔහු සහ ඔහුගේ පක්ෂ සාමාජිකයන් එක්වී, ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ ගෝති‍්‍රක ප‍්‍රදේශයේ විරෝධතා රැලියක් පැවැත්වීමට සූදානම් වීමත් සමඟය. එම විරෝධතා රැුලිය සංවිධානය කළේ ඇමෙරිකා හමුදාව අසල්වැසි ඇෆ්ගනිස්තානයේ සිට දේශසීමා උල්ලංගනය කරමින් පාකිස්තානයට පැමිණ එල්ල කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප‍්‍රහාරවලදී පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීමට විරෝධය පළ කිරීමක් ලෙසටය. විරෝධතා රැලියට පාකිස්තාන වැසියෝ දහස් ගණණක් සහභාගී කරවා ගැනීමට ද ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය බලාපොරොත්තු වූ බව මාධ්‍ය වාර්තා පවසයි. ඇමෙරිකා ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දෙන්නේ තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්ය. තලේබාන් සංවිධානය එම ප‍්‍රහාරවලට පමණක් නොව ඉම්රාන් ඛාන් සහ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට ද විරෝධය පළ කරයි. ”අප ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට විරුද්ධයි. ඉම්රාන් ඛාන් නිදහස් මතධාරියෙක්. ඔහු ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ ගෝති‍්‍රක ප‍්‍රදේශයේ විරෝධතා රැුලි පැවැත්වීමට පැමිණියහොත් හෝ ලබන මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් හෝ අපි මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ඔහු මරා දමනවා” යැයි තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශක අෂාමුල්ලා අශාන් තර්ජනය කරයි. ඇමෙරිකාව මිතුරකු ලෙස තබා ගත යුතු බවත් ඇමෙරිකාවට ගැති නොවිය යුතු බවත් ඉම්රාන් ඛාන් පාකිස්තානයට පවසයි. පාකිස්තාන රජය එහි ස්වෛරීත්වය රැක ගත යුතු යැයි ද ඔහු අවධාරණය කරයි. පසුගිය වසරේ නොවැම්බරයේ ඇමෙරිකා හමුදා ගුවන් ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් මියයෑමේ සිදුවීමෙන් පසු වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කිරීමට එරෙහිව ද ඉම්රාන් ඛාන් පාකිස්තාන රජයට දොස් කියයි. පාකිස්තානය ඇමෙරිකාවේ රූකඩයක් නොවිය යුතු යැයි ද ඉම්රාන් ඛාන් වැඩි දුරටත් කියා සිටී. ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව ගෙන යන සටනේදී ඇමෙරිකන් සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ඇෆ්ගනිස්තානයට ගෙන යන්නේ පාකිස්තානයේ කරච්චි නුවර සිට පාකිස්තාන දේශ සීමා හරහාය. එහෙයින් එම සැපැයුම් මාර්ග විවෘත කිරීම ඉතා වැදගත් වේ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉම්රාන් ඛාන්ට තලේබාන් සංවිධානයෙන් මරණ තර්ජන