ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත් වන සදාර් ප‍්‍රදේශයේ පෙරේදා (24) කාර් බෝම්බ හතරක් පුපුරා යෑමෙන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 75 දෙනෙක් තුවාල ලැබූහ. ඉරාක ආරක්ෂක අංශ පැවැසුවේ එය ආගමික ගැටුමක් බවත් සුන්නි මුස්ලිම් සටන්කාමීන් එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයක් බවත්ය. පළමු බෝම්බය පුපුරා ගියේ පෙරේදා (24) උදෑසනය. එම බෝම්බ ප‍්‍රහාරයට බිලිවූයේ සදාර් ප‍්‍රදේශයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නියැළුණු සේවක සේවිකාවන්ය. පළමු බෝම්බ පිපිරීමෙන් අට දෙනකු මියගිය අතර තුවාල ලැබූ ගණන 24 ක් යැයි බැග්ඩෑඩ් පොලිසිය පවසයි. දෙවැනි සහ තෙවැනි කාර් බෝම්බ පුපුරා ගියේ ඊට පළමු බෝම්බ පිපිරුමෙන් පැය කීපයකට පසුවය. ඒවායින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 26 දෙනකු රෝහල් ගත කෙරුණු බව පොලිසිය පවසයි. සිවුවැනි කාර් බෝම්බය පුපුරා ගියේ ෂූලා දිස්ති‍්‍රක්කයේ හූරියා නමැති කාර්ය බහුල වීදියේය. ඉරාකයේ ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර ගැටුමේ ඉතිහාසය 2006 වසර තරම් ඈතට දිවයයි. ඉරාක නායක සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දමා ඇමෙරිකන් හමුදා ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් පසුවත් එම ගැටුම්වල අවසානයක් දකින්න නොලැබිණි. එහෙත් ඇමෙරිකා හමුදා ඉරාකයේ සිටිද්දී එම ගැටුම්වල අඩුවක් දකින්න ලැබිණි. ඉරාකයේ සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර අර්බුදකාරී තත්ත්වය ඇමෙරිකා සෙබළුන් පිටවීමත් සමඟ තවත් උග‍්‍රවීමට එක් හේතුවක් වූයේ සුන්නි මුස්ලිම් උප ජනපති තාරේක් අල් හෂේමී අත්අඩංගුවට ගන්නැයි ෂියා මුස්ලිම් අගමැති නූර් අල් මලීකී එරට අධිකරණයෙන් ඉල්ලා සිටීමත් සමඟය. ඊට හේතුවූයේ සුන්නි මුස්ලිම් උප ජනපති රජයේ නිලධාරීන් ඝාතනය කිරීමට අල් කයිඩා සටන්කාමීන් එක්වී කටයුතු කළැයි චෝදනා එල්ල වීම නිසාය. කෙසේ නමුත් උප ජනපති තාරේක් තවමත් අත්අඩංගුවට ගෙන නැති අතර ඔහු ඉරාකයේ කුර්දි පළාතේ සුන්නි පාක්ෂිකයන්ගේ ආරක්ෂාව යටතේ පසුවෙයි.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉරාකයේ කාර් බෝම්බ 4 ක් පිපිරී 14 ක් මියයති: 75 කට තුවාල