IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ඉරාකයේ නගර රැසකට එල්ල වූ ප‍්‍රහාරවලින් 52 ක් මරුට

ඉරාක රජයේ තෙල් සමාගමකට ඇතුළු නගර ගණනාවකට ඊයේ(9) ප‍්‍රහාර විස්සකට ආසන්න ගණනක් එල්ල වූ අතර ඉන් 52 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 250 කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම ප‍්‍රහාරයත් සමඟ සැප්තැම්බර් මාසයේදී ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් මියගිය ගණන 82 දක්වා ඉහළ ගිය බව එරට ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රබලම ප‍්‍රහාරය එල්ල වූයේ බැග්ඩෑඞ් නගරයට උතුරින් පිහිටි බලාඞ් නගරය සමීපයේ ඇති හමුදා මුරපොළකටය. ඊයේ මධ්‍යම රාති‍්‍රයේදී හමුදා මුරපොළට පැමිණි තුවක්කුකරුවකු වෙඩි වරුසාවක් එල්ල කරන අතරේ තත්ත්වය පාලනයට කිරීම පිණිස එම ස්ථානයට පැමිණෙමින් සිටි භට පිරිසක් ගමන්ගත් රථයක් මාර්ගය අසල අටවා තිබූ බෝම්බයකට ගොදුරු විය. එම සිද්ධියෙන් මියගිය 11 දෙනා අතර හමුදා නිලධාරීන් දෙදෙනකු ද සිටින බව ඉරාක හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. උතුරු ඉරාකයේ කිර්කුක් නගරයේ පිහිටි එරට රජයට අයත් තෙල් සමාගමක් ඉදිරිපිටදී තවත් කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇත. ඉන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 17ක් තුවාල ලබා ඇතැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. ඊට අමතරව ටුස් කුමාර්ටු, බස්රා, නසිරියා, ටල් අෆාර් සහ සමාරා යන නගරවලින් ද ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වූ බවත් මෙම ප‍්‍රහාරවලට වගකිවයුත්තේ ඉරාකයේ කි‍්‍රයාත්මක ආගමික අන්තවාදීන් බව ඉරාක බුද්ධි අංශ සඳහන් කරයි. ඇමෙරිකා හමුදා ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් අනතුරුව ඉරාකය තුළ සිදුවන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන්දින උත්සන්න විය. ඉකුත් අගෝස්තු මාසයේදී පමණක් ඉරාකයේ නගරවලට එල්ල වූ ප‍්‍රහාරවලින් 278 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව ඉරාක ආරක්ෂක අංශ පවසයි.



අදහස් (0)

ඉරාකයේ නගර රැසකට එල්ල වූ ප‍්‍රහාරවලින් 52 ක් මරුට

සිල්වා Monday, 10 September 2012 02:58 PM

රටකට කළ විනාශයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 726 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 44 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 1239 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 1653 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 40 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


කැනඩා සිරියා හොඳහිත තරවෙයි
2025 මාර්තු මස 13 27 0

කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 451 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site