IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉරාකයේ බෝම්බ පිපිරීම් - වෙඩි තැබීම්

වසර දෙක හමාරකට පසුව ඉරාකයේ සිදු වූ දරුණුතම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැල්ල ඊයේ(23) එරට ප‍්‍රදේශ රැසකින් වාර්තා වූ අතර මේ සිද්ධීන්වලින් 113දෙනකු ජීවිතක්ෂයට වූ බව ඉරාක හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. බැග්ඩෑඞ්, ටාජි, කිර්කුක් සහ මොසුල්  ඇතුළු නගර 19ක සිදු වූ වෙඩිතැබීම් සහ බෝම්බ පිපිරීම්වලින් 250 දෙනකු තුවාල ලබා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් වගකීම කිසිදු පාර්ශවයක් විසින් මේවන තෙක් භාරගෙන නොමැත. කෙසේ වෙතත් පසුගිය දිනවල ඉරාක නගරවලට ප‍්‍රහාර එල්ල කරන බවට අල් කයිඩාව අනතුරු අඟවා තිබුණි. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳව අදහස් දැක්වූ ඉරාක රජය පැවසුවේ ප‍්‍රහාර එල්ල වීමට මොහොතකට පෙර එරට විනිසුරුවරුන්, නීතිවේදීන් සහ ෂියා මුස්ලිම්වරුන්ට ප‍්‍රහාර එල්ල කරන බව පවසන හඬ පටයක් කිසියම් පාර්ශවයක් විසින් අන්තර්ජාලයට එක් කරනු ලැබ තිබූ බවයි. මෙම ප‍්‍රහාර අතුරින් දරුණුතම සිදුවීම් වාර්තා වන්නේ ටාජි නගරයෙනි. එහිදී මාර්ගයක් දෙපස අටවා තිබූ බෝම්බ දෙකක් පුපුරා ගිය බවත් අනතුරුව ඊට ආසන්න ප‍්‍රදේශයකදී කාර් බෝම්බයක් පිපිරී ගිය බවත් වාර්තා වේ. ටාජි නගරයේදී එල්ල වූ මෙම ප‍්‍රහාරවලින් 42 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 40 දෙනකු තුවාල ලැබූහ. ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කළ අවස්ථාවේදී දහස් ගණනක් වූ ඉරාක සරණාගතයෝ සිරියාවට පළා ගියහ. නමුත් මේ වන විට සිරියාවේ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් නැවත සිය රට පැමිණෙන්නැයි එම සරණාගත පිරිස් වෙත ඉරාක රජය දන්වා තිබේ. එහි ප‍්‍රතිපලයක් ලෙස පසුගිය දින කිහිපයේදී දහස් ගණනක් වූ සරණාගත පිරිස් බස් රථ අසූවකින් නැවත ඉරාකයට පැමිණ ඇති බව එරට රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා නික්මයාමත් සමඟ අන්තවාදී පිරිස් සහ අල් කයිඩා සංවිධානය විසින් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන එල්ල කරන ප‍්‍රහාර දිනෙන් දින සංඛ්‍යාත්මකව වැඩි වන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

ඉරාකයේ බෝම්බ පිපිරීම් - වෙඩි තැබීම්

සලීම් Wednesday, 25 July 2012 06:05 PM

එතකොට වෙන්නේ මොකක්ද? (නි)

:       0       0

මධු Wednesday, 25 July 2012 12:42 PM

දැන්නම් මේ කට්ටිය නැත්තටම නැතිවෙලා වගෙයි. (නි)

:       0       0

නිමල් Wednesday, 25 July 2012 07:17 PM

ශා මරු තව තවත් පිපිරෙන්න ඕන...(ස)

:       0       0

නිමල් Wednesday, 25 July 2012 07:18 PM

නියමයිනේ. මම නම් කියන්නේ තව තවත් බෝම්බ පිපිරෙන්න කියලා. (නි)

:       0       0

ෆාසාල් Wednesday, 25 July 2012 07:54 PM

ප්‍රසන්න මහත්තයා., ඔයා හිතන දේවල් කවදාවත් වෙන්නේ නෑ....(ස)

:       0       0

ෆාසාල් Wednesday, 25 July 2012 07:54 PM

ප්‍රසන්න හිතන දේ කවදාවත්ම වෙන්නේ නැතිවෙයි. (නි)

:       0       0

සිරිසේන Wednesday, 25 July 2012 01:46 PM

අපේ රටෙත් ඔහොම කාලයක් තිබ්බා (දී)

:       0       0

අහමඩ් Thursday, 26 July 2012 12:35 PM

අපි මොනතරම් වාසනාවන්තද (දී)

:       0       0

මධු Wednesday, 25 July 2012 09:24 PM

හොද පුවතකි. (නි)

:       0       0

ෂාන් Wednesday, 25 July 2012 10:11 PM

මට නම් හරිම සතුටක් දැනෙන්නේ. එයාලව සහමුලින්ම නැති වෙන්න ඕනේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 25 July 2012 02:58 PM

ප්‍රසන්න කියන දේත් සත්‍යයක් තියෙනවා....(ස)

:       0       0

ජයන්ත Thursday, 26 July 2012 07:02 AM

ප්‍රසන්න, ඔබ නිවැරදියි. (නි)

:       0       0

බුද්ධික Thursday, 26 July 2012 07:07 AM

මිත්‍යාදෘෂ්ඨික මිනිසුන් සිටියදී මෙවැනි සිදුවීම් වීම අරුමයක් නොවේ. (නි)

:       0       0

කරුණාරත්න Thursday, 26 July 2012 08:33 AM

@හිරු ඇත්තම කියන්නම්. ඒ කලේ බෝම්බයකට අහුවෙලා මලා නම් හොදයි. දැන් නොමරා මරනවා. මාරි මාරි ඉපදෙනවා. (දී)

:       0       0

හිරු Thursday, 26 July 2012 08:33 AM

ඔබලාට මතකද අපේ රටත් ඉස්සර ඔහොමයි (දී)

:       0       0

අහමඩ් Wednesday, 25 July 2012 05:20 PM

ප්‍රසන්න මල්ලී, කට පරිස්සම් කර ගත්තොත් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 150 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site