IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ඉරානයට නව සම්බාධක පැනැවීම ප‍්‍රමාද කරන්න

එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ ඉරානය සමඟ යහපත් සබඳතා ඇතිකර ගැනීමට සමත් වූ හෙයින්, ඉරානයට නව සම්බාධක පැනැවීම මදක් ප‍්‍රමාද කරන්නැයි ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා, කොංග‍්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

ජනපති ඔබාමා එම ඉල්ලීම කර ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉරානයට එරෙහිව නව වෙළෙඳ හා ආර්ථික සම්බාධක රැසක් පැනැවීමට සූදානම් වූ මොහොතකය.

ඇමෙරිකාව, ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව පවසමිනි.

එම සම්බාධක මාස කිහිපයකට වරක් අලූත් කෙරේ. පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර, පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී , ඉරාන සහ ඇමෙරිකන් ජනපතිවරුන් අතර මුහුණට මුහුණ හමුවක් නොපැවැත්වුණ ද දුරකතන සංවාදයක් පැවැත්විණි.
සැසිවාරයට සහභාගීවූ, ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පමණක් නොව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.  

ජෝන් කෙරී සහ විදෙස් ඇමැති ජවාඞ් සරීෆ් අතර ඉකුත් සතිඅන්තයේ  තවත් සාකච්ඡාවක් පැවැත්විණි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ‘සෘජු සාකච්ඡාවක්’ පැවැත්වූ පළමු අවස්ථාවද එයවිය.

 



අදහස් (0)

ඉරානයට නව සම්බාධක පැනැවීම ප‍්‍රමාද කරන්න

පෙත්තා Sunday, 06 October 2013 04:58 AM

තෙල් ටැංකියට දාන්න පොරොන්දු වෙන්න ඇති.ලංකාවේ අපි තේ ටැංකියට පිරෙව්වට වැඩක් නැහැ. ඔබාමා කෝපි නේ ටැංකියට දාන්නේ. (නි)

:       0       0

තෙශාන් Saturday, 05 October 2013 11:37 AM

මේකට තමයි කියන්නේ කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කියලා (දී)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Sunday, 06 October 2013 10:03 PM

ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ඇමරිකාවට ආදේශ කරා නම් ඔය ප්‍රශ්න නැහැ ඔබාමට නැතිනම් අපෙන් විසදුම් ඉල්ලන්න. කෙලිම්ම අපේ ජනාදිපති මහින්දට කතා කරලා විසදුමක් අහන්න. .(නදී)

:       0       0

ධම්ම Sunday, 06 October 2013 09:55 AM

අපට ඔය කොංග‍්‍රස් මණ්ඩල නැහැනේ. අපට හිතුන දේ අපි කරනවා.. (නදී)

:       0       0

දම් Saturday, 05 October 2013 04:32 PM

අද ඇමරිකාවට එදා හිරෝශිමව අමතක වුන හැටි.(දී )

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 698 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 42 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 1214 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 1632 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 40 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


කැනඩා සිරියා හොඳහිත තරවෙයි
2025 මාර්තු මස 13 27 0

කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 451 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site