IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉරානයට පහර දෙන්න ඊශ‍්‍රායලය තීරණය කර නෑ

ලොවට තර්ජනයක් වී ඇතැයි පැවැසෙන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින් ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඊශ‍්‍රායලය තවමත් තීරණයක් ගෙන නැතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පවසයි. ඉරානයට හමුදා ප‍්‍රහාරයක් එල්ල කරන්නේ නම් එසේ කළ යුත්තේ අවසන් විකල්පය හැටියට යැයි ද පැනේටා අවධාරණය කරයි. ඔහු මීට සති දෙකකට පෙර ඊශ‍්‍රායලයේ සංචාරයක යෙදී ඉරානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්වූයේය. ඇමෙරිකාවත්, ඇමෙරිකාවේ රූකඩයක් යැයි ඉරානය විසින් හඳුන්වනු ලබන ඊශ‍්‍රායලයත් චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. ඉරානය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඔවුන් කියා සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හුදෙක් රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට කි‍්‍රයාත්මක වන බවය. ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැුසක් මේ වනවිට පනවා ඇත. ඊශ‍්‍රායලය පවසන්නේ සම්බාධක දැමීමෙන් පමණක් ඉරානය මට්ටු කළ නොහැකි බවය. මේ අතර ලෙබනනයේ සහ ඉරානයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය ලෝකය පුරා ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් රැුසක් සිදුකිරීමට සැරසෙනවා යැයි ද ඊශ‍්‍රායල බුද්ධි අංශ පවසා ඇත. ඉරාන අර්බුදය විසඳීමට දේශපාලන කි‍්‍රයා මාර්ග අවශ්‍ය බවත් හමුදාමය මැදිහත් වීමක් කළහොත් මැදපෙරදිග කලාපයේ උග‍්‍ර අර්බුදයක් හට ගනු ඇති බවත් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පෙන්වා දෙයි.



අදහස් (0)

ඉරානයට පහර දෙන්න ඊශ‍්‍රායලය තීරණය කර නෑ

මිල්රෝයි Thursday, 16 August 2012 08:30 PM

ගහපල්ලා. ගහපල්ලා. හොදටම ගහපල්ලා. (නි)

:       0       0

මධූ Thursday, 16 August 2012 02:54 PM

අවස්ථාව ආවම තීරණයක් ගනීවි...ඊස්‍රායල් වලට ජය වේවා !! (ස)

:       0       0

අසංක Sunday, 19 August 2012 01:24 AM

රුවන් ඔයගේ අදහසට මමත් එකගයි..!(නු)

:       0       0

අසිත Thursday, 16 August 2012 10:50 AM

යුදෙවුවන්ගේ අවසානය අත ළගට පැමිණිලාවද්ද? (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 16 August 2012 04:14 PM

අද ලෝකයේ යම් ප්‍රශ්නයක් ඇත්නම් ඒ මුස්ලිම්වරුන් සහ ක්‍රිස්තියානුවන් අතරය. (නි)

:       0       0

විජිත Thursday, 16 August 2012 10:29 PM

ඉරාණෙට ගැහුවොත් බහරේන් 17000ක් වන ලාංකික අපිට හිස් අතින් යන්න තමයි වෙන්නෙ.. පොඩ්ඩක් පැහැදිලි කරගෙන කතා කරන්න.. මේක හිතන තරම් ලෙහෙසි නැහැ.. ඉරාණයත් හොදයි ඊශ්‍රායලයත් හොදයි.. නයා මැරෙන්නෙත් නැහැ. පොල්ල කැඩෙන්නෙත් නැහැ..!!(නු)

:       0       0

විශ්ව Friday, 17 August 2012 12:17 AM

අපෝ ඔයතරම් අගය කරන්න පුළුවං කොටසක් නෙමෙයි යුදෙව්වෝ.. හරිම ආත්මාර්තාකමී හැසිරීමට නොදන්න, තමන්ගෙ බඩම පුරවාගන්න කැමති දීමට ලෝබ, විද්‍යා දැනුමක් නැති අමුතුම කොටසක්.. අවි හදන්න විතරයි දන්නෙ..!!(නු)

:       0       0

මොහොමඩ් Friday, 17 August 2012 01:54 AM

පුලුවන් නම් ඉරානයට ගහලා බලන්නකෝ. (නි)

:       0       0

රුවන් Friday, 17 August 2012 02:16 AM

අපේ සිංහල ජාතිය කියන්නේ මහම නරක ජාතියක්. කිසිම කෙළෙහි ගුණ දන්නේ නැති ජාතියක්. අපේ රටේ මිනිසුන් කාලා බීලා හොදින් ඉන්නේ අරාබිකරේට පින් සිදු වෙන්න. අරාබියට ප්‍රශ්නයක් වුණොත් අපිට තමයි වදින්නේ. ජිනිවා වලදී අපිට ඡන්දෙ දුන්නේ අරාබි රටවල්. එක මතක තියා ගත්තොත් හොදයි. (නි)

:       0       0

කුමාර Friday, 17 August 2012 03:54 AM

සිංහලයෝ මුස්ලිම් අයට තියන වෛරය නිසා යුදවුවන්ගේ ගුණ කියනවා. හොඳ ගතිගුණයක්. ඉරානය ලෝකයට තර්ජනයක් නම් මොකටද අපි ඉරානේ සමග ඒ තරම් හොඳ? ලෝක සුභ සිද්ධිය ගැන මොකද ඊශ්‍රායලයට එච්චර කැක්කුම? දැන් සිංහලයන්ට තියෙන්නේ ඊශ්‍රායෙල් කාරයන් එක්ක එකතුවෙලා ලෝක මුස්ලිම් ප්‍රජාව නැතිකරලා දාන්න. ඔයාල උපතින්ම මෝඩයන් කියල දවස ගානේ ඔප්පු කරනවනේ! (නි)

:       0       0

නාලක Friday, 17 August 2012 01:39 PM

මට හිතෙන්නේ ඉරානෙන් වත් ඇමරිකාව පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි කියලයි. ඉරානයට ජයවේවා! (නි)

:       0       0

සුසිල් Thursday, 16 August 2012 05:32 PM

ඊශ්‍රයලය ගැන දන්නේ නැහැ.. එහෙ මිනිස්සු ගොඩක් හොදයි.. ඊශ්‍රායලයට අත තියලා බලන්න මොකද වෙන්නේ කියලා.. ලෝකයේ ඉන්න හොදම මොලකාරයෝ එහෙ ඉන්නෙ..!!(නු)

:       0       0

නිමල් Thursday, 16 August 2012 05:56 PM

අපි ඊශ්‍රායලට සමගයි. ඉතා ඉක්මණින් ඉරානයට විරුද්ධව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 16 August 2012 06:29 PM

ඊශ්‍රායලයට පුලුවන් මුලු අරාබි රටවල් සියල්ලටම එකවර පහර දෙන්න. හොද මොළයක් ඇති සහ ප්‍රභල ආයුධ නිෂ්පාදනය කරන රටක්. පරමාණු බලයද ඇති රටක් මේක. (නි)

:       0       0

බර්නාඩ් Thursday, 16 August 2012 06:37 PM

අපි ඊශ්‍රායලය සමග ඉන්නවා. ගහපන්.ගහපන්. (නි)

:       0       0

තාරුක Thursday, 16 August 2012 06:55 PM

මම ඉරානය සමගයි. ලෝකයේ කවුරුන් අපව පහත් කළත් ඉරානය මිතුරකු ලෙසින් අප සමග හැමදාමත් හිටියා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1933 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3074 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site