IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉරාන නාවික යුධ අභ්‍යාසයේදී මැදි දුර මිසයිලයක් අත්හදා බලයි

මූලෝපායික වශයෙන් වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධියේ සිදු කෙරෙන නාවික යුධ අභ්‍යාසයේදී ඊයේ (01) ඉරාන නාවික හමුදාව මැදි දුර, ගොඩබිමේ සිට ගුවනට එල්ල කළ හැකි මිසයිලයක් අත්හදා බැලීය. නවීන තාක්ෂණයෙන් හෙබි එම මැදි දුර මිසයිලය රේඩාර් පද්ධතිවලට හසුනොවී මිසයිලයේ කි‍්‍රයාකාරීත්වයට බාධා පැමිණවිය හැකි පද්ධති මග හරිමින් නිශ්චිත ඉලක්කය කරා ගමන් කිරීමේ හැකියාවෙන් යුක්ත වන බව ඉරාන නාවික හමුදාවේ ප‍්‍රකාශකයෙකු පැවසීය. ඉරානයේදී නිර්මාණය කළ මෙම මිසයිලය අත්හදා බැලූ ප‍්‍රථම අවස්ථාව එය බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය. මිසයිලය පරීක්ෂාවට ලක් කළේ කොතැනක සිට දැයි තවමත් ඉරාන නාවික හමුදාව හෙළි කර නැත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දැඩි බලපෑමක් බටහිර රටවලින් එල්ල වන අවස්ථාවේදී ඉරානය සිය යුධමය හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමට දස දින නාවික අභ්‍යාසය අරඹා ඇත. ඉරානය ඇරඹූ නාවුක යුධ අභ්‍යාසයත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය කෙරෙහි බටහිර රටවල විශේෂ අවධානය යොමු වී ඇති අතර ලෝක තෙල් පරිවහනයෙන් සියයට 20ක් සිදු කෙරෙන එම මුහුදු මාර්ගය යම් අයුරකින් ඉරානය වසා දැමුවහොත් එය ලෝක තෙල් මිල කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.



අදහස් (0)

ඉරාන නාවික යුධ අභ්‍යාසයේදී මැදි දුර මිසයිලයක් අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site