ඊමේල් තාක්ෂණයේ නිර්මාතෘ රේ ටොම්ලින්සන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මිය යන විට 74 වැනි වියේ පසුවූ ටොම්ලින්සන් ඊමේල් නිර්මාතෘවරයා මෙන්ම ඊමේල් ලිපින සඳහා @ සලකුණ යෙදීමේ මූලිකයා ද විය.
කේම්බ්‍රිජ්හි මැසචුසෙට්ස් හි කාර්යාලයේ සේවය කරමින් සිටි ඔහු පසුගිය සෙනසුරාදා හෘදයාබාධයකින් මිය ගිය බවත් එය ස්ථිර ලෙසම තහවුරු කරගෙන ඇත්තේ අද (7) බවත් විදෙස් පුවත් සේවා කියයි.
1971 දී ආපනෙට් නමින් ඊමේල් වැඩසටහන් ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ ටොම්ලින්සන් ඇමරිකා ජාතිකයෙකි. නිව්යෝක් නුවර ඇම්ස්ටඩ්‍රෑම් හි ඔහු උපත ලැබීය. වෘත්තියෙන් ඔහු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙක් ද වේ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඊ මේල් නිර්මාතෘ ටොම්ලින්සන් මිය යයි
කුමාර Monday, 07 March 2016 10:31 AM
මැතිතුමනි! ඔබට නිවන් සුව. (ර)
රන්ජිත් Wednesday, 09 March 2016 12:32 PM
ඔබට නිවන්සුව අත්වේවා.! (ර)
සුමුදු Tuesday, 08 March 2016 06:02 AM
ලෝකෙට අවශ්‍ය ඔබ වැනි වීරයන් (ම)
ජනහිත Tuesday, 08 March 2016 12:10 AM
ලොවට සදා පවතින සේවයක් කළ ඔබගේ නම සදාකාලිකයි. අපගේ ගෞරවය සමග මොක්සුවය පතමු! (නි)
තිස්ස Tuesday, 08 March 2016 06:54 AM
හොඳ බුද්ධිමතෙක් ලෝකෙටම නැතිවුණේ. නිවන් සුව! (නි)
විජිත් Tuesday, 08 March 2016 05:10 PM
මොහොතකට මෙහෙම හිතන්න. ඊමේල් වලට අවුරුදු 10ක පේටන්ට් එකක් ගත්තා නම්, ඒ කාලයේ හුවමාරු වුණ එක ඊමේල් එකකින් ශත 001ක් අය කළා නම් ඔහුගේ ආදායම කොපමණ වේවිද? ඔවුන් තමන් අතට ලැබුන " සිතු පැතු දේ ලැබෙන මැණික " මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් ඉවතට විසිකළ උතුම් මිනිසුන් ලෙස මම සළකන්නේ ඒ නිසයි. (නි)
බිනුර Monday, 07 March 2016 01:27 PM
ලෝකෙට සේවයක් කර මිය ගිය ඔබ සමාදානයේ සැතපේවා (හේ)
අසේල Tuesday, 08 March 2016 11:07 AM
හොඳ බුද්ධිමතෙක් ලෝකෙටම නැතිවුණේ. නිවන් සුව! අපි අතරේ යළිත් ඉපදේව (කෞ)
චන්ද්‍රසිරි Monday, 07 March 2016 08:41 AM
ලෝකය වෙනස් කළ වේගවත් කළ ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
සුමුදු Monday, 07 March 2016 08:44 AM
නිවන් සුව මහතාණෙනි.ඔබවැනි උත්සහවන්ත මිනිසුන් නිසා මේ ලොව කොතරම් පහසු විද. ඉ මේල් සියල්ල උඩු යටිකුරු කරමින් මොනතරන් වෙනසක් කලාද. මොන තරඟ නම් පිරිසක් ඔබේ සොයාගැනීමෙන් ප්‍රයෝජන ගන්නවද.ඔබට අප සම ණයයි. නිවන් සුව ඔබට.(හේ)
විජිත් Tuesday, 08 March 2016 12:14 PM
මම ඉතාමත්ම ගරුකරන,තොරතුරු තාක්ෂණය හා ඉහළින්ම බැඳුනු නම් කිහිපයක් තියෙනවා.රේ ටොම්ලින්සන් මහතා එක්කෙනෙක්.තවත් දෙන්නෙක් නම් ඉන්ටෙර්නෙට් නිර්මාතෘ ( තව කිහිප දෙනෙක් දායක වුණා ) වින්ට් සර්ෆ් සහ ලෝක ව්‍යාප්ත අන්තර්ජාලයේ ( වර්ල්ඩ් වයිඩ් වෙබ් ) හි නිර්මාතෘ ශ්‍රීමත් ටීම් බර්න්ස් ලී යන මහත්වරුන්. මුළු හදවතින්ම "මහත්වරුන් " ලෙස ඇමැතිය හැකි මේ අය, මේ අයගේ වටිනාකම ගැන කිසිම තක්සේරුවක නොයෙදුන ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෙසයි මම හඳුන්වන්නේ.වේ අයට ඉහලින්ම හැකියාවක් තිබුනා තම නිර්මාණයට " පේටන්ට්" බලපත්‍රයක් ලබාගන්න.එසේ කළානම් අද ලෝකයේ ඉහලින්ම සිටිනා ප්‍රකෝටිපතියන් කිහිපදෙනා අතර ඉහලින්ම සිටින්නේ මේ අයයි.(බ)
චින්තක Tuesday, 08 March 2016 12:38 PM
ලොවටම අපමණ සේවයක් කල ඔබට නිවන් සුව අත්වේවා.(හේ)
සෙනරත් Monday, 07 March 2016 03:47 PM
අද මිය ගියද, ලෝකයට කළ සේවාව වෙනුවෙන් මා ඇතුළු සියලු ලෝක වාසීන්ගේ ආශීර්වාදය ඔබ තුමාට සදා කල් හිමි වෙනවා ඇත. ඔබතුමා සාමයේ සැතපෙත්වා ! (බ)
සොපි Wednesday, 09 March 2016 02:02 AM
ලොවට අමිල සේවයක් කළ ඔබතුමාට මොක් සුව ......! (නි)
මහින්ද කුමාර Tuesday, 08 March 2016 05:07 AM
ඔබගේ නම සදාකාලිකයි. අපගේ ගෞරවය සමග මොක්සුවය පතමු! (හේ)
ප්‍රසන්න Tuesday, 08 March 2016 05:12 AM
තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා (බ)
බණ්ඩා Monday, 07 March 2016 10:04 AM
ලෝකෙට සේවයක් කර මිය යන මිනිස්සු ......(බ)