IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘උගන්ඩා ජනපතිවරණය දූෂිතයි‘ : ජාත්‍යන්තර නිරීක්ෂකයෝ කියති

උගන්ඩා ජනපතිවරණයෙන් පසු එරට ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

උගන්ඩා විපක්ෂ නායක කිසා බෙසිග්යේ රාජ්‍ය ද්‍රෝහිත්වය යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා පැවැති උගන්ඩා ජනපතිවරණයෙන් ජයගත් ජනපති යුවේරි මුසවේනි දිවුරුම් දීමේ උත්සවයට සමගාමීව විපක්ෂ නායකවරයාද දිවුරුම් දුන් අතර ඔහු කියා සිටියේ ජනපතිවරණයේ ජය තමාට හිමිවිය යුතු බවයි. එරට මාධ්‍ය රැසක්ද සිය අණසක යටතට ගත් විපක්ෂ නායක බෙසිග්යේ උද්ඝෝෂණ ව්‍යාපාරද මෙහෙයවීය.

ජාත්‍යන්තර නිරීක්ෂණයන්ද මැතිවරණ වංචා හා දූෂණ වලින් යුත් එකක් බවට චෝදනා එල්ල කරයි. නමුත් ජනපති මුසවේනි එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එරට ඉහළ අධිකරණයක් මගින් ජනපතිවරණයේ ජයග්‍රහණය පිළිගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නව රජයට එරෙහිව එරට අගනුවර වන කම්පාලිහි පැවති උද්ඝෝෂණ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කර ඇත.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් ජනපති පදවි ප්‍රාප්තිය සඳහා සහභාගී වී සිටි අතර ශ්‍රී ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එහි ගොස් සිටියේය.

 



අදහස් (0)

‘උගන්ඩා ජනපතිවරණය දූෂිතයි‘ : ජාත්‍යන්තර නිරීක්ෂකයෝ කියති

පිටිගල මිලානෝ Sunday, 15 May 2016 10:35 PM

දිවුරුම් දීමේ උත්සවයට ආ අයගෙන්ම එ්ක තේරෙනවනේ. (නි)

:       0       0

ශාන සෞදි Sunday, 15 May 2016 04:29 AM

මහින්ද ගිහින් තියෙන්නේ තමන්ගේම වර්ගයේ පාලකයෙක් දිවුරුම් දීමේ උත්සවයකටනේ බලනකොට (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 15 May 2016 05:07 AM

මෙයා ඒකාධිපති කෙනෙක් .ලංකාවේ හිටපු එක්කෙනත් මෙයා වගේ වෙන්න තමයි දැගලුවේ , ලංකාවේ එහෙම වුනේ නැතත් උගන්ඩාවේ එහෙම වුනා . අහිංසක මිනිස්සු කරන්න දෙයක් නැහැ ,මෝඩ මිනිස්සු වැඩි නිසා මෙහෙම වෙනවා. (බ)

:       0       0

සාමා Sunday, 15 May 2016 11:31 PM

උගන්ඩාවේ ලොක්කා උපදෙස් ගත්තේ අපේ අයගෙන්ද දන්නෙ නැහැ. බලනකොට නිවුන් සහෝදරයෝ වගේනේ. (නි)

:       0       0

ජෙරමි Monday, 16 May 2016 12:38 AM

විලි ලැජ්ජාවේ පණයනවා අපිට නම්. මේවටත් යනවනේ! (නි)

:       0       0

උපාලි Sunday, 15 May 2016 05:37 AM

ඒකෙ උත්සවයට සහභාගී වෙන්න කියල අපේ රටෙන් ගිය කට්ටිය දිහා බලල විතරක් වුනත් අපට කියන්න පුළුවන් කම තියෙනවා ඒක කොහොමද කියල. (බ)

:       0       0

චන්න Sunday, 15 May 2016 05:42 AM

කව්ද අනේ සහබාගි වුණු විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් . එ්කාධිපතියෙක්ගේ නැවත පත්වීමට අපේ රටෙත් ඒකාධිපති වෙන්න උත්සහ කරපු කෙනත් ගියා (බ)

:       0       0

රුවන් Wednesday, 18 May 2016 11:36 AM

ලෝකයෙන හොරකම දුෂණය තුරන් කල යුතුය. (ර)

:       0       0

උපුල් Monday, 16 May 2016 06:05 PM

ඒ රට කාගෙන්ද දන්නෙ නැහැ උපදෙස් ගත්තේ? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 16 May 2016 06:08 PM

අපේ කෙනෙක්ගේ වාගේම තේජස් ගතියක් මොහුගේත් තිබෙනවා. ඒ දෙදෙනාම එක සමානය කියායි මාගේ අදහස (නි)

:       0       0

තිලංක Monday, 16 May 2016 06:07 PM

වෙලා තියෙන දේ හිතාගන්න පුළුවන් (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 16 May 2016 06:09 PM

පරාජය වෙලත් මහින්ද ගියා කියන්නේ උගන්ඩාවට දෙවියන්ගේම පිහිටයි. විරුද්ධ පාක්ෂිකයා දිනුවා නම් ඉතින් අහන්න දෙයක් නැහැ. හමුදා කුමන්ත්‍රණයක් කරලා හරි රටේ බලය නැවත ගන්න බලන්න බලාවි (නි)

:       0       0

විද්‍යා Monday, 16 May 2016 06:48 PM

මේ මිනිස්සු පස්සේ ගිහින් වැටෙන්නේ වළකටනේ. මතකද ගඩාෆි? මහින්ද මන්ත්‍රීතුමා ඇයි මේ දඟලන්නේ? (නි)

:       0       0

නුෂි Monday, 16 May 2016 09:53 AM

එකම ජාතියේ කුරුල්ලෝ එකට එක්වෙනවලු. (ර)

:       0       0

ධම්ම Sunday, 15 May 2016 06:58 AM

පැරදුන අය මෙහෙම කියන්නේ ලංකාවේ විතරයි කියලා මම හිතාගෙන හිටියේ. (නි)

:       0       0

සුදේශ් Tuesday, 17 May 2016 07:43 AM

උගන්ඩා ජනපතිතුමනි, ඔබට සදා ජය! (නි)

:       0       0

රුවන් Tuesday, 17 May 2016 01:35 AM

කවුද මේ ජාත්‍යන්තරය? පොඩ්ඩක් හිතලා බලන්න. එයාලට ඕනෑ මොනවාද? ප්‍රජාතන්ත්‍රවාදය? යහපාලනය? මේ දෙපැත්තෙන් එක පැත්තකටවත් නොවැටී සිටීම අමාරු තමයි. නමුත් වියයුත්තේ එයයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 17 May 2016 08:47 AM

දැන් තේරෙනවා නේද උගන්ඩා රටේ එ්කාධිපති පාලකයාගේ තරම! අපේ රටේ ජනයාගේ වාසනාවට මෙහෙම දෙයක් ඇතිවුණේ නැහැ (නි)

:       0       0

කමනි Sunday, 15 May 2016 11:42 AM

තරමක හොරකම් තිබුණ පළියට ජාත්‍යන්තර නිරීක්ෂකයෝ ලේසියෙන් කියන්නේ නැහැ මැතිවරණයක් දූෂිතයි කියලා. ලංකාවෙත් තරමක් හොර කරපු මැතිවරණවලට කිව්වේ සාධාරණයි කියලනේ. අපේ කෙනාගේ හිතවුණු වුණේ ඇයි කියලා හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 17 May 2016 04:36 PM

උගන්ඩා ජනපතිවරණය දූෂිතයි කියා ජාත්‍යන්තරය සහ බටහිර රටවල් කියන්නේ ඇයි කියා සක්සුදක් සේ පැහැදිලියි. එහෙත් අපේ හිටපු ජනාධිපති වාගේ ජනපති මුසවේනිත් මේ ප්‍රශ්න වලට නොබියව මුහුණදෙයි (නි)

:       0       0

විජේතුංග Monday, 16 May 2016 06:32 AM

කොහෙන්ද දන්නෙ නැහැ ආදර්ශය ගත්තේ? (නි)

:       0       0

දුමින්ද Monday, 16 May 2016 06:34 AM

30 අවුරුදු යුද්ධයේදී බහුතර සුපිරි බටහිර රටවල් සිටියේ කොහේද? (නි)

:       0       0

උපුල් Sunday, 15 May 2016 02:51 PM

ඒකාධිපතියෙකුට සිතීමේ, තීරණ ගැනීමේ, ක‍්‍රියාත්මක වීමේ හැකියාවක් නැත. ලංකාවේ අපිට මේ ගැන ඕනෑවටත් වැඩි අත්දැකීම් ඇත. ඒ අපගේ සමහර පාලකයින් උගන්ඩාවේ ඉඩීඅමින්ගෙන් ඉගෙනගෙන රට පාලනය කළ නිසාය. දැන් ඔවුන් අපෙන් ඉගෙනගැනීමට ඉඩීඅමින් මොඩල් අපෙන් ආනයනය කරමින් සිටි. (නි)

:       0       0

සමන් Monday, 16 May 2016 07:12 AM

අපේ රටේ තිබුණ ජනාධිපති ඡන්දෙ කොහොමද දන්නෙ නැහැ මේ අයට? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 16 May 2016 07:17 AM

මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ පදවි ප්‍රාප්තිය සඳහා ආරාධනා ලැබීම සහ ඔහු එහි යෑම සම්පූර්ණයෙන්ම ඔහුගේ පුද්ගලික ක්‍රියාවක් ලෙස මම දකිමි (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 15 May 2016 05:52 PM

උගන්ඩා ජනපතිවරණයෙන් ජයගත් ජනපති යුවේරි මුසවේනි දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා වෙනත් රටවලිනුත් රාජ්‍ය නායකයන් පැමිණ සිටියාද? අපේ රටේ පරාජිත මහින්ද හැරෙන්න එසේ ගියේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 15 May 2016 05:56 PM

අපේ රට ආරක්ෂා කරන දෙවියන්ගේ පිහිට නොලැබුනා නම්, පසුගිය ජනාධිපති මැතිවරණයෙන් පසුව මගේ රටෙත් උගන්ඩාවේ වගේම ජනපති කෙනෙක් බිහිවෙන්නත් තිබුණා. (නි)

:       0       0

නලින් Monday, 16 May 2016 02:17 PM

පටන් ගත්ත ගමන් ඔහොමනම් පස්සේ කොහොම වෙයිද?(හේ)

:       0       0

උපුල් Sunday, 15 May 2016 07:33 PM

පුදුමය කියන්නේ අපේ රටේ අයටත් ආරාධනා ආ එකනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 80 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1156 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 140 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1441 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 238 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 143 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site