පෘථිවියේ සිට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දක්වා කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට ගුවන්යානා නිෂ්පාදක සමාගමක් වන බෝයිංග් සැරසේ.
කෙසේ නමුත් මේ කුලී රථයේ ආසනයක් වෙන් කරගන්නට එසේ මෙසේ පුද්ගලයෙකුට නොහැකි වනු ඇත.දැනට මෙම අභ්‍යාවකාශ කුලී රියේ අසුනක් මිල කර ඇත්තේ ඩොලර් ලක්ෂ 500 ක (රුපියල් 65380) මුදලකටය.
අභ්‍යාවකාශ යානා ව්‍යාපෘතිය අත්හැරීම නිසාවෙන් පසුගිය කාලය පුරාවට නාසා ආයතනයට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගගනගාමිීන් යැවීමට රුසියාවේ පිහිට පැතීමට සිදුවූ අතර නමුත් දෙරට අතර සබදතා පළුදු වීම නිසාවෙන් දැන් එම අවස්ථාව පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට නාසා ආයතනය කටයුතු කර ඇත.
බෝයිංග් සමාගම මෙසේ නාසා ආයතනය හා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගගනගාමිීන් ප‍්‍රවාහනය කිරීම සදහා ගිවිසුම් අත්සන් කර ඇති සමාගමක් වන අතර ඔවුන් සැරසෙන්නේ එම ගගනගාමීන්ද සමග එක් සංචාරකයෙකුත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යවා අමතර මුදලක් උපයා ගැනීමටයි.
කෙසේනමුත් බෝයිංග් සමාගමේ අදහස සම්බන්ධයේන නාසා ආයතනය මේ දක්වාම කිසිත් සදහනක් කර නොමැත. අභ්‍යාවකාශ සංචාරයත් නුදුරේදීම ආරම්භ වන ලකුණු පෙනෙන්නට ඇති අතර දැනටමත් පෞද්ගලික සමාගම් බොහෝමයක් අභයාවකායට සංචාරකයින් ගෙනයා හැකි යානාවන් නිර්මානය කරමින් සිටී.
ඩොලර් බිලියන ගණනක් වටිනා මෙම ක්ෂේත‍්‍රයෙන් එම වටිනාකම මෙන් දෙගුණ තෙගුණ ගණනින් මුදල් උපයා ගැනීමට මෙම සමාගම් වලට හැකිවනු ඇතැයි පැවසේ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උඩුගුවනට කුලී සේවයක්
බණ්ඩාර සරත් Thursday, 16 October 2014 08:49 AM
මම ඉන්දියානු පුවත්පතක කියෙවුවා, ඉන්දියාවත් මෙම තරඟයට ඉන්න බව. 2050 වනවිට ඔවුනුත් අජටාකාශ ටැක්සි සේවයක් පවත්වන බවත්, සඳෙහි සහ අඟහරු මත ඔවුන්ගේ ජනාවාසයක් පිහිටුවන බවත් එහි තිබුණා. ලංකාවේ අපිටත් ලාබෙට ඔවුන්ගේ අජටාකාශ යානයකින් ඒවායේ යන්න පුළුවන් (නි)
ගැමුණු Thursday, 16 October 2014 10:19 AM
රවුමක් ගියානම් නියමයි.(හේ)
යසන්ත Friday, 17 October 2014 02:47 AM
මටත් ආසයි යන්න (නි)
ධම්මික Wednesday, 15 October 2014 11:29 AM
රුපියල් 65380.00 පමණි. මමත් යනවා.(හේ)
අජිත් Thursday, 16 October 2014 01:03 PM
අන්න හොදයි, ඒක තමයි දැන් අපිට අඩුවෙලා තිබුනේ.(හේ)
ජයසිරි මනිමේන්ද්‍ර Thursday, 16 October 2014 06:47 AM
රුපියල් 65380.00 පොඩි ගාණක්නේ ඉන්දියාවට ගිහින් එන්න යන වියදම වගේනේ. මමත් යනවා (නි)
හේරත් Wednesday, 15 October 2014 06:21 PM
අද ලෝකය තාක්ෂණය පැත්තෙන් මොනතරම් දියුණුද? (නි)