උතුරු කොරියාව චන්ද්‍රිකාවක් යැවීමට සූදානමින් සිටින බවට දකුණු කොරියානු ආරංචි මාර්ග සඳහන් කරයි.
චන්ද්‍රිකාවක් දියත් කරන බව පවසමින් උතුරු කොරියාව ඔවුන්ගේ අවි ආයුද අත්හදා බැලීම් තවදුරටත් වැඩි කිරීමට උත්සාහ කරන බවට ජාත්‍යන්තර නිරීක්ෂකයෝ අවධාරණය කරති. න්‍යෂ්ටික අවි ආයුද සහිත රෙජීමයක් ලෙස සැලකෙන උතුරු කොරියාවේ මෙම උත්සහාය ඔවුන්ගේ අවි ආයුද අත්හදා බැලීම් ආවරණය කරගැනීමට කෙරෙන උපායක් යැයි ද නිරීක්ෂකයෝ කියති.
න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක රැසක් පනවා තිබේ. එම සම්බාධකවලට හේතුවෙන් උතුරු කොරියාවට චන්ද්‍රිකා ද ඇතුළුව බැලැස්ටික් මිසයිල තාක්ෂණය සහිත කිසිවක් ක්‍රියාත්මක කිරීමට ඉඩකඩක් නොමැත.
කැමරා, දුරකතන සන්නිවේදන උපකරණ සහිත චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උතුරු කොරියාව සූදානමින් සිටින බවට දකුණු කොරියානු ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
උතුරු කොරියාව මීට පෙර 2016 වසරේ පෙබරවාරි මාසයේදී ක්වැන්ග්ම්යොන්ග්සෝන්ග් 4 යනුවෙන් නම් කරන චන්ද්‍රිකාවක් දියත් කරන ලදි. එය බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමක් යැයි ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රකාශ කළේය. චන්ද්‍රිකාවක් දියත් කරන මුවාවෙන් උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව ජාත්‍යන්තර ප්‍රජාව එම අවස්ථාවේදී තවදුරටත් අවධාරණය කළේය.
ඒ.එෆ්.පී 055
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
උතුරු කොරියාවෙන් චන්ද්‍රිකාවක් උඩුගුවනට
amila Wednesday, 27 December 2017 07:49 AM
උතුරු කොරියවෙ උත්සහය සාර්ථක වේවා. අනික රටවල සම්බදක හමුවේ නොසාලි සියින එකම රටට තමන්ගෙ උන්සහය කිරිමට හැකියාව ලබේවා. උතුරු කොරියාවට පිඩනය වැඩි කිරිම හේතුවෙන් උතුරු කොරියනුවන් නව නිෂ්පාදන කරනවා. මේක ලංකාවේ අයට කරන්න බරි ඇයි. අපේ රට උතුරු කොරියවේ වගේ නායකයෙක් ලැබී නැති එක ගැන කනගාටු වෙනවා.