IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


උතුරු කොරියාව ආහාර අර්බුදයක් අබියස

ජිනීවාහිදීය (රොයිටර්)
උතුරු කොරියාවට ඉදිරියේදී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල ජාත්‍යන්තරය සම්මේලනය අද (10) අනතුරු ඇඟවීය.


මේ වනවිට උතුරු කොරියාව තුළ උණුසුම් වායු ප්‍රවාහයක් ඇති වී තිබෙන අතර මේ හේතුවෙන් සහල්, ඉරිඟු සහ අනෙකුත් බෝග වගාවලට හානි සිදුවනු ඇතැයි ද ඒ හේතුවෙන් දරුණු ව්‍යසනයක් ඇති වීමේ අවදානමක් ඇතැයි ද රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල ජාත්‍යන්තරය සම්මේලනය (අයි.එෆ්.ආර්.සී) සඳහන් කළේය.


ලොව විශාලතම ආපදා සහන ජාලය ලෙස සැලකෙන ’අයි.එෆ්.ආර්.සී’ය උතුරු කොරියාව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අර්බුදයකට පත්වනු ඇතැයි ද අනතුරු අඟවයි. වසර 1990 දී උතුරු කොරියාවට බලපෑ සාගතයෙන් මිලියන 3ක් ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ අතර මෙවර ඊටත් වඩා අවදානමක් ඇතැයි ද සම්මේලනය සඳහන් කළේය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් නිසා එරටට පනවා තිබෙන ජාත්‍යන්තර සම්බාධක නිසා තත්ත්වය තවත් දරුණු වනු ඇතැයි ද එම සම්මේලනය සඳහන් කළේය. 


ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී නිවේදනයක් නිකුත් කරමින් රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල ජාත්‍යන්තරය සම්මේලනය (අයි.එෆ්.ආර්.සී) එම කරුණු සඳහන් කළේය. 


පසුගිය ජූලි මාසයේ සිට උතුරු කොරියාවට වර්ෂාව ලැබී නැති අතර නැවත වැසි ලැබෙනු ඇත්තේ මේ මස මැද භාගයේදී බව පැවසේ.


උතුරු කොරියාවේ උණුසුම මේ වනවිට සෙල්සියස් අංශක 39ක සාමාන්‍යයක් වාර්තා කර ඇතැයි ද වාර්තා වේ. 


උතුරු කොරියාවේ වත්මන් ජනගහනය මිලියන 25ක් වන අතර එයිනුත් වැඩි පිරිසක් විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඇත්තේ ඉතාමත් පහළ මට්ටමකය.                

                         

- 055        



අදහස් (0)

උතුරු කොරියාව ආහාර අර්බුදයක් අබියස

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1600 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2395 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 384 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 228 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 253 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site