කොරියා අර්ධද්වීපයට අනවශ්‍ය පරිදි සිදුකරන ඇඟිලි ගැසීම් නොනවත්වන්නේ නම් ධවල මන්දිරයට න්‍යෂ්ඨික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බව උතුරු කොරියාවේ මුල් පෙළ ආරක්ෂක අංශ බළධාරියෙක් අනතුරු ඇඟවීය.
1950 - 1953 කොරියා යුද්ධය අනුස්මරණය කිරීමට සංවිධානය කර තිබූ උත්සවයකදී ඔහු මේ බව කීය.
දකුණු කොරියාව හා ඇමරිකාව එක්ව දියත් කරමින් සිටින යුධ අභ්‍යාස ගැන උතුරු කොරියාව නිරතුරුව අවධානයෙන් සිටින බව ඔහු පැවසීය.
ඔවුන්ගේ ක්‍රියාකාරකම් උතුරු කොරියාවේ පැවැත්මට හා ස්වෛයිරීභාවයට තර්ජනයක් වේ යැයි පෙනී ගියහොත් ඇමරිකාවේ ධවල මන්දිරයට න්‍යෂ්ඨික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට ඔහු තර්ජනය කළේය.
උතුරු කොරියාව ඇමරිකාවට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කළ පළමු අවස්ථාව මෙය නොවේ.මින් පෙර අවස්ථා කිහිපයකදීම ඇමරිකා හිතවත් රටවලට හා අත්ලන්තික සාගරයේ පිහිටි ඇමරිකා කදවුරු වලට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කරන බවට ඔවුහු තර්ජනය කළෝය.
විමර්ෂකයින් පවසන්නේ දිගුදුර න්‍යෂ්ඨික මිසයිල තැනීමට තරම් තාක්ෂණයක් තවමත් උතුරු කොරියාව සතුව නොමැති බවයි.
එසේවුවත් කෙටි දුර මිසයිල නිපදවීමේ තාක්ෂණය නම් ඔවුන් සතුය.
උතුරු කොරියාවේ හැසිරීම නිසා එරටට සම්බාධක පිට සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇතත් තමන්ගේ හමුදා ශක්තිය පෙන්වීමේ ක්‍රියාකාරකම්වල උතුරු කොරියාව දිගින් දිගටම නිරතවේ.
පසුගිය සති කිහිපයේද ඔවුහු ජපාන මුහුදේ මිසයිල අත්හදා බැලීම් සිදුකළහ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උතුරු කොරියාව යළි වහසි බස් කියයි
ගාමිණී - සිරි Wednesday, 30 July 2014 04:40 PM
ඇමෙරිකාව උතුරු කොරියාව හා රුසියාව සමග වරින් වර පැටලීම නුවණට හුරු දෙයක් නම් නම් නොවේ. පොඩි එකාගේ නිර්භය කමත්, පුටින්ගේ දක්ෂකම හා යුදමය ශක්තිය මත පොලිස් කාරයා පසුබෑමකට හා ලෝකය ඉදිරියේ ලජ්ජාවකට මුහුණපානු නියතයි (නදී)
රිචි බාලසුරිය Wednesday, 30 July 2014 05:23 PM
උතුරු කොරියාව මොන වහසි බස් දෙඩුවත් ඔවුන්ගේ ශක්තිය බටහිර රටවල යුධ ශක්තියෙන් සියයට 10 ක් වත් ප්‍රමාණයක් නැහැ . (අ)
සිල්වා Thursday, 31 July 2014 09:10 AM
මේකටත් ගහලම ඉවර කලානම් (නදී)