IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උපත් පාලනයටත් චිපයක්

කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක‍්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ.

මයික්‍රොචිප්ස් ඔෆ් ලෙක්සින්ග්ටන් නම් වන මෙම සමාගම පවසන්නේ 2018 වසර වන විටදී මෙම උපකරණය වෙළදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මිලිමිටර 20 20 7 ප‍්‍රමාණයේ වන මෙම චිපය සැත්කමක් ආධාරයෙන් තට්ටම්,යටි බඩ, හෝ උඩු බාහුව යන ප‍්‍රදේශ වලින් එකක තැන්පත් කිරීම සිදුවේ.

චිපයේ ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියක් හා අමතරව කුඩා කුටි දෙකක්ද ඇත.මෙම කුටි වල අන්තර්ගත වන්නේ ලෙවොනොර්ගෙස්ටෙ‍්‍රල් නම් හෝමෝනයකි.කුටි විවෘත කිරීම හා වැසීම ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියෙන් සිදුවන අතර ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ කි‍්‍රයාකාරීත්වය පාලනය කෙරෙන්නේ දුරස්ථ පාලකයක් ආධාරයෙනි.

ලෙවොනොර්ගෙස්ටෙ‍්‍රල් වෙළදපොලේ ඇති උපත් පාලන පෙති බොහෝමයක අන්තර්ගත වන හෝමෝනයකි.එය කළලයක් රෝපණය වීම සදහා ගර්භාෂය පිළියෙල වීම වැළැක්වීම මගින්  අනවශ්‍ය ගැබ් ගැනීම් වළකයි.

මේ කරුණ සැළකිල්ලට ගෙන නිර්මානය කර ඇති චිපයෙන් සිදුවෙන්නේ එහි කුටීර වල ඇති ලෙවොනොර්ගෙස්ටෙ‍්‍රල් රුධිරයට එක් කිරීමයි.පරිශීලකයාට අවැසි වූ විටකදී ඇත්තේ දුරස්ථ පාලකයෙන් චිපයේ ඉලෙක්ට්‍රෝනික පද්දතිය කි‍්‍රයාත්මක වීමට විධානය ලබා දීම වන අතර එවිට ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ බලපෑමට නතුවන කුටි විවර වී ලොවොනොර්ගෙස්ටෙ‍්‍රල් රුධිරයට එකතුවේ.

එක්වරක් රුධිරයට එක්කෙරුණු පසු හෝමෝනය කොපමණ කාලයක් කි‍්‍රයාකාරීව පවතින්නේදැයි සම්බන්ධයෙන් පරිශීලකයින්ව දැනුම්වත් කිරීම වෛද්‍යවරුන් මගින් සිදුකිරීමට නිර්මාපකයින් බලාපොරොත්තු වේ.

ඔවුනට අනුව එක් චිපයකින් අවුරුදු 16 ක පමණ කාලයකට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගනිමින් උපත් පාලනය සිදුකළ හැකිය.

මෙම චිපය යොදාගෙන සිදුකෙරුණු අත්හදාබැලීම් සාර්ථක වුනු බවද නුදුරේදීම එය වෙළදපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයිද නිර්මාපකයෝ කියති.

45 43

 



අදහස් (0)

උපත් පාලනයටත් චිපයක්

චාමික Monday, 14 July 2014 02:08 AM

බොහෝ දුරට සාර්ථක ලිපියක්. අගය කරමි. (නදී)

:       0       0

ලාල් Monday, 14 July 2014 02:58 AM

මෙම ක්‍රමය දිනපතා ප්‍රතිකාර ගතයුතු අනෙක් රෝගවලටත් යොදාගන්න හැකිනම් ලොකු යහපතක් වේවි. (නි)

:       0       0

ඉසුරු Monday, 14 July 2014 03:33 AM

කොහොමද චිප් එක කැඩිලා හෝර්මෝන ටික ඔක්කොම එක සැරේට අග ඇතුලට ගියොත් . අනිත් එක විද්යුත් උපකරණ අැඟ ඇතුලේ තියාගෙන ඉන්න එක පිලිකා වලට කොහොම බලපානවද කියල හොයල බැලුවොත් තමයි හොඳ. (ස)

:       0       0

ඩිල්ෂාන් Monday, 14 July 2014 04:10 AM

එහෙනම් ලංකාවටත් හොඳයි (නි)

:       0       0

තිලක් චමින්ද Monday, 14 July 2014 06:38 AM

නියමයිනේ! (නි)

:       0       0

රංජිත් සිල්වා Monday, 14 July 2014 10:10 AM

වෛරස් කියන වචනයට නියම අර්ථයක් දෙන්න පුළුවන් වේවි, (ස)

:       0       0

කසුන් Monday, 14 July 2014 10:17 AM

අනේ මට‍ත් හොඳයි නේ ඕකක් සවිකර ගන්න තිබුණ නම්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 85 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1176 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 153 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1467 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 241 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 146 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site