කෝවිද ගුණසේකර
මිනිසුන් තමන් ඊර්ෂ්‍යා කරන්නවුන්ගේ දුක දැක සතුටු වන්නේ ඔවුන් එසේ කිරීමට ජීව විද්‍යාත්මකවම සකස් වී ඇති හෙයින් යැයි ඇමරිකා පර්යේෂකයෝ දෙදෙනෙක් පවසති.
ඇමරිකාවේ පි්‍රන්ස්ටන් සරසවියේ මහාචාර්ය සුසාන් ෆිස්ක් හා ඇයගේ සිසුවියක වන මිනා සිකාරා මේ කරුණ අනාවරණය කර ගැනීමට සමත්වූහ.
පුද්ගල නියැදියක් තෝරාගෙන ඇති පර්යේෂක දෙපළ එක් එක් පුද්ගලයාගේ කම්මුල් මත ඉලෙක්ට්‍රෝඩ සවිකර ඔවුනට මහලූ මිනිසෙකුගේ රූපයක්,සිසුවෙකුගේ රූපයක්, මත්කුඩු ලෝලියෙකුගේ රූපයක්, ධනවත් අයෙකුගේ රූපයක් ආදී වශයෙන් රූප පෙන්වා එම රූප දැකීමෙන් ඔවුන්ගේ මුහුණේ මාංශපේෂීන් වල සිදුවන වෙනස්කම් ඉලෙක්ට්‍රෝඩ වලින් ලැඛෙන සංඥා ආධාරයෙන් නිරීක්ෂණය කර ඇත.
එම නිරීක්ෂණයන් වලින් මහලූ මිනිසෙකුගේ රූපය දැකීමෙන් ඔවුන්ට දුක දැනවෙන බවද,සිසුවාගේ රූපය හමුවේ සැළකිය යුතු වෙනසක් සිදුනොවන බවද, මත්කුඩු ලෝලියාගේ රූපය දැකීමෙන් පිළිකුල දැනවෙන සේ මුහුණෙ මාංශ පේෂි වෙනස් වන බවද,ධනවතා දැකීමෙන් ඊර්ශ්‍යාව දැනවෙන සේ මුහුණ වෙනස් වන බවද පර්යේෂක දෙපළ හදුනාගෙන ඇත.
දෙවනුව එම රූප වල සිටිනා පුද්ගලයින්ට නොයෙකුත් අකරතැබ්බයන්ට මුහුණදීමට සිදුවී ඇතැයි පර්යේෂක දෙපළ තම පර්යේෂණයට සහභාගී කරගත් පුද්ගලයින්ට දන්වා තිබේ.මහලූ මිනිසාට කිසිවෙකු පීඩා කර ඇතැයිද, සිසුවාගේ මුදල් සොරාගෙන ඇතැයිද,මත් ලෝලියා මාර්ගයේ වතුර පිරි වලක් මතින් ගිය මෝටර් රථයකින් නිකුත් වූ වතුරින් නැහැවී ගොස් ඇතැයිද,ධනවතා බංකොලොත් වෙමින් සිටින්නේ යැයිද ඔවුන්ට පවසා ඇත.
මෙසේ දන්වා නැවත වරක් මුහුණෙ සටහන් වූ හැගීම් නිරීක්ෂණය කිරීමේදී මහලූ මිනිසාගේ හා සිසුවාගේ අකරතැබ්බ වලදී දුක දැනවෙන සේ මුහුණ වෙනස් කරගෙන ඇති ඔවුන් ධනවතාට වූ අකරතැබ්බය හමුවේ නොදැනුවත්වම ප්‍රීතිය දනවා තිබේ.
‘මේක තමයි තිබ්බ හොදම විදිය මිනිස්සුන්ගේ සැබෑ හැගීම් හදුනාගන්න.ඇයි තමන් ඊර්ශ්‍යා කරන කෙනෙක් ගැන කතා කරන්න කවුරුත් කැමති නැහැනේ.මේ ක්‍රමයෙන් ඔවුන් නොදැනුවත්වම අපට හැකිවුනා ඔවුන්ගේ සැබෑ හැගීම් වටහාගන්න‘යැයි මහාචාර්ය සුසාන් ෆිස්කේ පවසයි.
‘ධනවත් පුද්ගලයාට ඔවුන් දැනවූ හැගීම් තමයි මෙතැන වැදගත්ම දේ.මුලදී ඔහු ධනවත් වූ නිසා ඔවුන් ඊර්ශ්‍යා සහගත වුනා.පසුව ඔහු බංකොලොත් වී ඇතැයි පැවසූ විට ඔවුන් සතුට දැනවුූවා.මේ සියල්ල ඔවුන් නොදැනුවත්වම සිදුවුණේ.නිකන්ම ඇහුවානම් කියයි නෑ අපි එහෙම හිතුවේ නැහැ කියලා.නමුත් තමන්ට වඩා සාර්ථක කෙනෙක් දකින විට හා එම පුද්ගලයා වැටෙන විට හිත යටින් වෙනදේ ඕක තමයි‘ ඇය කියයි.
මිනිසුන් සමස්තයක් වශයෙන් අන් අයගේ සැපේදී සතුටු වීමට වඩා අන් අයගේ දුකේදී සතුටු වීමට ජීව විද්‍යාත්මකවම හැඩගැසී ඇතැයි ඇයගේ මතයයි.විශේෂයෙන් තමන්ට වඩා උසස් යැයි සැළකෙන පුද්ගලයින් හමුවේ මෙය වඩාත් හොදින් හදුනාගත හැකියැයි ඇය පවසයි.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම සහ ශ්‍රම බළකා හිඟය හේතුවෙන් ඇමෙරිකාවේ නත්තල් ගස් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් මෙ
අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය
ජපන් ජාතික ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද වූ අතර ගුවන් බලධාරීන් ඒ සම්බන්ධයෙන් මගීන්ගෙන
ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන ජනාධිපති ජෝ බයිඩන් සහ නව ජනාධිපති ලෙස එම ධුරය බාර ගැනීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකට වෙනස් නත්තල් පණි
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, නත්තල් දා යුක්රේනයේ නගර කීපයකට, රුසියාවෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය තරයේ හෙලා දකිමිණි.
මොසැම්බික් බන්ධනාගාර බලධාරීන් පැවැසුවේ පලා ගිය රැඳවියන්ගෙන් 150 දෙනකු අල්ලා ගැනීමට හැකිවුණු බවය. සෙසු පිරිස සොයා දිගටම මෙහෙයුම සිදු කරන බවත් බන්ධනාගාර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
එපා මිනිහා එපා කියන්නේ තේරුමක් ඇතිවයි
නිමල් Thursday, 02 January 2014 03:37 PM
මේක සාර්ථක පරීක්ෂණයක් නෙවෙයි, එකම පරීක්ෂණය රටවල් ගොඩක හැම ආගමක්ම අදහන අය යොදාගෙන කරානම් ටිකක් හරි හොද ප්‍රතිපලයක් දකින්න පුළුවන්.(නදී)
නීලා Thursday, 02 January 2014 05:50 PM
කොහොම උනත් සාමාන්‍ය ජී විතයේ සබැ යථාර්තය ඕක තමයි .(ත)
පිටබැද්දර ජයා Saturday, 04 January 2014 05:32 AM
අනේද කියන්නේ , මනින්න වෙන දේවල් නැතිද මේ ලෝකේ පිස්සු.(නදී)
කුමාරි Friday, 03 January 2014 12:03 AM
ඇත්ත නිලා. කතාවක් තියෙන්නේ ඔච්චර විසාල රුසියාවට වඩා ලොකුයි කියල කෙනෙකුගේ ඇතිවන ඉරිසියාව. (නදී)
විරාජ් කාලිංග Friday, 03 January 2014 12:36 AM
මේක ලෝක ස්වභාවයයි. ඒක මනින්න රට ජාතිය ආගම කුලය වැදගත් නැහැ, හැමෝටම පොදුයි, සංසාරේ හැටි ඔහොමයි. ඒක නැති කරගන්න තමයි ආගමික සාතෘවරුන් කියලා දුන්නේ එතෙර වෙන මාර්ගය. ඒක එහෙම තමයි.(නදී)
වසන්ත හරේන්ද්‍ර Monday, 06 January 2014 02:21 AM
මම නම් මුලින්ම බලනවා ධනවතා කොහොමද දියුණු උනේ කියලා. කුඩු ව්‍යපරිකයෙක් නම් සතුටු වෙන්න පුලුවන්ද වැටුනම. (නදී)