ලබන වසර අගභාගය වන විට එබොලා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා එන්නත් මිලියනයක් නිපදවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
එහි සඳහන් වන්නේ 2015 පළමු මාස 6 තුලදී එන්නත් දහස් ගණනක් නිපදවා අවසන් කරණ බවයි.
බටහිර අප්‍රිකාවේ සේවය කරණු ලබන සෞඛ්‍ය සේවකයනට මෙම එන්නත් 2014 දෙසැම්බර් මාසයේ සිට හැකි ඉක්මනින් ලබාදෙන බව ද එම සංවිධානය පවසා තිබේ. එම එන්නත එබෝලා වසංගතය මුලිනුපුටා දැමීමට හැකි මැජික් උන්ඩයක් නොවන බව වෛද්‍යවරු කියති.
එබෝලා සඳහා ස්ථිර වු ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැත. මෑත ඉතිහාසයේ එබෝලා විශාල ලෙස වසංගතයක් ආකාරයට පැතිරයාම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් දියුණු කිරීමේ කටයුතු කඩිනම් කරන ලදී.
එන්නත නිෂ්පාදනය සඳහා සාමාන්‍යයෙන් වසරක් ගතවන නමුත් ඖෂධ නිෂ්පාදන කරන්නන් එහි නිෂ්පාදන කාලය කෙටි කර ඇත. පරික්ෂණාත්මක තත්වයේ එන්නත් ග්ලැක්සෝ ස්මිත්ක්ලයින් සහ කැනඩාවේ පබ්ලික් හෙල්ත් ඒජන්සි මගින් නිපදවා ඇත. ඒ එන්නත් දැනටමත් ආරක්ෂාකාරි අත්හැදා බැලීමේ කටයුතු කර තිබේ. එබෝලා රෝගීන්ට එන්නත කොතරම් මාත්‍රාවක්
ජීඑස්කේ එන්නත එක්සත් රාජධානියේ සහ ඇමරිකානු පර්යේෂණ ආයතනයේ පරික්ෂාවට බදුන් කර ඇති අතර කැනෙඩියානු වැක්සීනය ඇමරිකාවේ වැඩිදුර අත්හදාබැලිමේ කටයුතු වලින් පසු යුරෝපයේ සහ අප්‍රිකාවේ සිදුකිරීමට නියමිතය. මේ එන්නතේ බලපෑම සහ රෝගය මර්ධනය කිරීමට එන්නතේ කොතරම් වූ මාත්‍රාවක් අවශ්‍යවන්නේ ද යන්න නිශ්චය කිරීමට සිදුවන්නේ අත්හදාබැලීමෙන් පසුව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාරි පවුලි කෙනී පවසන්නේ ‘‘එබෝලා ඖෂධය ලබාදීමෙන් අපි අති විශාල ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. එය වසංගත තත්වයට විශාල ලෙස බලපෑමක් ඇති කරාවි කියල හිතනවා, එන්නත් මගින් සාර්ථක ප්‍රතිඵල පෙන්වනු ලැබුවහොත් මහා පරිමාණයෙන් හැකි තරම් එන්නත් නිපදවිමට පියවර ගන්නවා.“ යනුවෙනි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එබෝලා එන්නත් දස ලක්ෂයක්
ඉසුරන්දි Sunday, 26 October 2014 04:26 AM
දෙසැම්බර් වෙන්න තව දවස් කියක් තියෙනවද? ඒ වෙද්දී කි දෙනෙක් මැරිලා කි දෙනෙක් ඔය ලෙඩේට ගොදුරු වෙයිද. හැකි ඉක්මනට ඕවා එළිදක්වනවා නම් වෙන්න තියෙන විනාශ අවම කරගන්න පුළුවන් වේවි. (නදී)
ජයත් Monday, 27 October 2014 10:47 AM
ඉසුරන්දි ඔයාට තියන හදිසියට "ආප්ප බානවා වගේ " එන්නත් හදල ඒවා මිනිස්සුන්ට දෙන්න බැහැ ළමයෝ තේරුනාද ? පමා වෙලා හරි මේක එන එක ගැන සතුටු වෙමු (දිල්)