IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


එ.ජා. මානුෂීය සහන ප‍්‍රධානියා එනවාට සිරියා රජයේ විරෝධය

එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන සේවා ප‍්‍රධානී වැලරී ආමෝස් පෙරේදා (29) සිරියාවට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී සිරියා රජය ඊට එරෙහි විය. වැලරී ආමෝස්, සිරියාට යෑමට සැරසුණේ එරට පවතින ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ගැන සොයා බලා, විපතට පත් වන අහිංසක සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමට කටයුතු කිරීමට යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ”මා සිරියාවට පැමිණෙනවාට සිරියා බලධාරීන් කැමැත්ත පළ කළේ නැහැ. ඔවුන් කීවා ඔවුන් ඊට අවසර ලබා දෙන්නේ නැහැ කියලා. ඒ ගැන මා දැඩි ලෙස කනස්සල්ලට පත් වෙනවා” යැයි වැලරී ආමෝස් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (1) කියා සිටියාය. ”ලැබෙන වාර්තාවලට අනුව සිරියා සිවිල් වැසියන්ට ආධාර  ඕනෑ. රජයේ හමුදා එල්ල කළ ප‍්‍රහාරවලින් තුවාල ලැබූ බොහෝ දෙනකුට ඖෂධ නැහැ. ඇතැමුන්ට කෑම නැහැ. බොන්න වතුර නැහැ. ඒවා ඔවුන්ට ඉක්මනින් ලබා දීමට කටයුතු කළ යුතුයි” යැයි වැලරී ආමෝස් අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ මේ වනවිට සිවිල් වැසියන් 7,500 කට වැඩි පිරිසක් ඝාතනය වී ඇති බවය.



අදහස් (0)

එ.ජා. මානුෂීය සහන ප‍්‍රධානියා එනවාට සිරියා රජයේ විරෝධය

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2804 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1748 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 638 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2737 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 123 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


උතුරු කොරියා හමුදාවට අලුතින් තරුණයෝ මිලියනයක්
2024 ඔක්තෝබර් මස 16 251 0

ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site