IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඔත්තු බැලීම් දුරදිග ගියා වැඩියි: ඇමෙරිකා රාජ්‍ය ලේකම් කියයි

ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය, එරට සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මත සිදු කළ ඔත්තු බැලීම් දුරදිග ගොස් ඇති බව තමා අනුමත කරන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇත.

ලෝක නායකයන්ගේ දුරකතන සංවාදවලට හොරෙන් කන් දීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් සභාව ඉදිරියේ කරුණු දක්වමින්, ජාතික ආරක්ෂක ඒජන්සියේ ප‍්‍රධානී ජනරාල් කීත් ඇලෙක්සැන්ඩර් පවසා ඇත්තේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම ඔත්තු බැලීම් කළ බවය.

ඇමෙරිකාවේ එම නීතිවිරෝධී ඔත්තු බැලීම් සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට දොස් අහන්න සිදුවී ඇත. ජනපති ඔබාමා පවසා ඇත්තේ, ඇමෙරිකා ආරක්ෂක අංශ මීට වඩා ‘විනයානුකූලව’ කටයුතු කළ යුතු බවය.

ජර්මනිය, ප‍්‍රංශය වැනි යුරෝපා රටවල් මෙන්ම බ‍්‍රසීලය ද ඇමෙරිකාව සිදුකළ එම නීතිවිරෝධී ඔත්තු බැලීම් ගැන සිය අප‍්‍රසාදය පළ කර ඇත. ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරමින්, එරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසා, ලෝක නායකයන් ගැන සිදු කරන ඔත්තු බැලීම් වහා නැවැත්විය යුතු යැයි බල කරන ජර්මනිය සහ බ‍්‍රසීලය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සැරසෙයි.

ඔත්තු බැලීම්වලට විරෝධය පෑමක් වශයෙන්, යුරෝපා සංගමයට අයත් රටවල් ඇමෙරිකාව සමඟ ඇති වෙළෙඳ සබඳතා අත්හිටුවා ඇති බව වාර්තාවේ.

 



අදහස් (0)

ඔත්තු බැලීම් දුරදිග ගියා වැඩියි: ඇමෙරිකා රාජ්‍ය ලේකම් කියයි

ජයා Tuesday, 05 November 2013 11:08 AM

රවින්ද කියන්නේ අර කටකාර, රතු කට්ටියගෙන් ආ කෙනා ගැනද? ඇත්ත තමා. පස්සේ ඒ ගොල්ලෝ සමග කරට අත දා ගෙන නටනකොට ඒ ඔක්කොම ඉවරයි. (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 06 November 2013 04:45 AM

මේවට නැද්ද විනය පරීක්ෂණ, මානව හිමිකම් කඩ කිරීම් , මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම් වගේ චෝදනා ?(නදී)

:       0       0

නන්ද Tuesday, 05 November 2013 09:50 AM

ඔත්තු බැලීම් වලට විරෝධය පෑමක් වශයෙන්, යුරෝපා සංගමයට අයත් රටවල් ඇමෙරිකාව සමඟ ඇති වෙළෙඳ සබඳතා අත්හිටුවා ඇති බව වාර්තාවේ. කොච්චර කාලෙකටද ??? (ස)

:       0       0

රවීන්ද Tuesday, 05 November 2013 10:09 AM

ඇමෙරිකාව කොහේ ඔත්තු බැලුවත් ලංකාව ගැන බලලා නම් අහුවෙන්න එපා. දන්නවනේ අපේ උපවාස ඇමතිතුමා. එතුමා ඔව්වා ගැන හරි උනන්දුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1918 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site