IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී ‘ආටිස්ට්’ චිත‍්‍රපටයට සම්මාන 5 ක්

බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සිනමා සම්මාන උළෙල ඊයේ (27) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කොඩැක් රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර හොඳම නළුවා, හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන 5 ක් දිනා ගැනීමට ‘ආටිස්ට්’ චිත‍්‍රපටය සමත්විය. ‘ආටිස්ට්’ යනු සිනමා තාක්ෂණය ඉහළ හිණිපෙත්තට පැමිණ ඇති යුගයක නිර්මාණය වූ නිහඬ කළු සුදු චිත‍්‍රපටයකි. හොඳම අධ්‍යක්ෂකවරයා වූයේ ‘ආටිස්ට්’ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක ප‍්‍රංශ ජාතික මයිකල් හසානාවිසියස්ය. හොඳම නළුවා වූයේ එහි ප‍්‍රධාන චරිතය නිරූපණය කළ ප‍්‍රංශ ජාතික ජෝන් ජුඩාර්ජීන්ය. ‘ආටිස්ට්’ චිත‍්‍රපටයේ අපූරු රංගනයක යෙදෙන යූජී නමැති බලූ සුරතලා ද සම්මාන සඳහා නිර්දේශවීම මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී සුවිශේෂී සිදුවීමකි. හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ‘අයන් ලේඩි’ චිත‍්‍රපටයේ එක්සත් රාජධානියේ අගමැතිනියක වන මාගරට් තැචර්ගේ චරිතයට පණ දුන් මෙරලින් ස්ටී‍්‍රප්ය. හොඳම සහාය නිළිය වූයේ ‘ද හෙල්ප්’ චිත‍්‍රපටයේ රඟපෑ ඔක්ටේවියා ස්පෙන්සර්ය. හොඳම සහාය නළුවා වූයේ ‘බිගිනර්ස්’ චිත‍්‍රපටයේ අපූරු රංගනයක යෙදුණු කි‍්‍රස්ටෝපර් ප්ලම්මර්ය. හොඳම විදෙස් චිත‍්‍රපටය වූයේ ඉරාන චිත‍්‍රපටයක් වන,  අස්ගාර් ෆර්හාඞී නමැති අධ්‍යක්ෂකවරයාගේ ‘ද සෙපරේෂන්’ චිත‍්‍රපටයයි. හොඳම පරිගණක සජීවීකරණ චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ ‘රැංගෝ’ චිත‍්‍රපටයයි. හොඳම වාර්තා චිත‍්‍රපටය වූයේ ඇසිඞ් ප‍්‍රහාරවලට ලක් වී ජීවිතය ජය ගත් කාන්තාවන් ගැන කියැවෙන ‘අන්ඩිෆීටඞ්’ නමැති පාකිස්තාන කෙටි වාර්තා චිත‍්‍රපටයයි. එහි අධ්‍යක්ෂිකාව ෂාර්මීන් ඔබයිඞ්ය. පාකිස්තාන කෙටි චිත‍්‍රපටයකට ඔස්කාර් සම්මානයක් හිමිවූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.



අදහස් (0)

ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී ‘ආටිස්ට්’ චිත‍්‍රපටයට සම්මාන 5 ක්

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1690 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2395 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 384 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 228 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 253 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site