IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඔසාමා මැරූ සෙබළා හිඟමනට වැටිලා

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ට මරු කැඳවූයේ තමා වුවත් අද දිනයේ අතමිට හිඟව රැකියාවකුදු නොමැතිව ඉතා අසරණව දිවි ගෙවීමට සිදුව ඇතිබව ඔසාමා බින් ලාඩින්ට මරු කැදවූ උණ්ඩය එල්ල කළ බව කියන ඇමරිකා නේවිසීල් හමුදා භටයා පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබේ.

2011 වසරේ මේ මෙහෙයුම පිළිඹද අනාවරණවය ඇති තොරතුරු වලට අනුව පකිස්තානයේ සැඟව සිටි බින් ලාඩෙන්ව ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට සැළසුම් කෙරී තිබුණද මෙහෙයුමට යැවුණු ඇමරිකා නේවිසීල් භට කණ්ඩායම අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඔහු මරණයට පත්විය.

තම අනන්‍යතාව සගවා අදහස් දක්වා ඇති හමුදා භටයා බින් ලාඩන් තමන් සිතා සිටියාට වඩා උස් පුද්ගලයෙකුවූ බවත් තමන් ඇතුළු කණ්ඩායම ඔහුගේ නිවසට කඩා වදින විට ඔහු සිටියේ ඔහුගේ ලාබාල බිරිඳක් සමග බවත් පවසා ඇත.

ඒ මෙහෙයුමට හවුල්වීම නිසා තමන්ට බොහෝ දේ අහිමි වූ බව කියා ඇති හෙතෙම පවුලේ ආරක්ෂාව ගැනද වඩාත් සැලකිලිමත්වීමට සිදුව ඇති බවද සඳහන් කර ඇත.

මේ අතර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් පෙන්ටගනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර පෙන්ටගන ආරංචි මාර්ග පවසන්නේ සාකච්ඡාවේදී රහසිගත තොරතුරු හෙළිවී ඇත්දැයි සොයාබැලීමට මෙම පරීක්ෂණය සිදුකරන බවයි.

සාකච්ඡාවට සහභාගීවූ හමුදා භටයාගේ අනාගතය ගැන ප්‍රකාශයක් කිරීම පෙන්ටගනය ප්‍රතික්ෂේප කර ඇත.



අදහස් (0)

ඔසාමා මැරූ සෙබළා හිඟමනට වැටිලා

ඉසුරන්දි Monday, 10 November 2014 07:25 AM

ඕවට මමනම් මොකුත් කියන්නේ නැහැ.(හේ)

:       0       0

ධර්මදාස Monday, 10 November 2014 07:37 AM

මොහුට දිට්ඨදම්මවේදනීය කර්මය පටිසන් දීලා තියෙන්නේ. ජාතියක් වෙනුවෙන් සටන් කරපු නිර්භීත මනුෂ්‍යයෙක් මරා දැමුවාට.(බ)

:       0       0

තුෂාර Tuesday, 11 November 2014 07:01 AM

හේතුව මොකක්ද දන්නේ නෑනේ.(හේ)

:       0       0

පොඩිනේරිස් ජයන්ත Monday, 10 November 2014 01:57 PM

ප්‍රභාකරන් දෙමල මිනිසුන්ගේ ජාතික වීරයෙක්. ඔසාම බින් ලාඩන් මුස්ලිම් මිනිසුන්ගේ ජාතික හා ආගමික වීරයෙක්. එක ඇත්ත. අපි සිංහලයෝ නිසා එදෙන්නා වීරයෝ කියන්න අකමැතියි.මෙහෙම තව දුර ගියොත් අපටත් බින් ලාඩන් වීරයෙක් කියලා දරුවන්ට කියා දෙන්න වෙයි. (අ)

:       0       0

චානුක Tuesday, 11 November 2014 08:20 AM

එහෙම වෙලා මදි.(හේ)

:       0       0

දිමුතු Tuesday, 11 November 2014 08:20 AM

එහෙම දේවල් වෙනවා.(හේ)

:       0       0

මෂි Monday, 10 November 2014 02:10 PM

ඔබාමට වඩා ඔසාමා අහිංසක මනුස්සය (අ)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 11 November 2014 08:20 AM

කාටත් හොඳ පාඩම්.(හේ)

:       0       0

සමීර Monday, 10 November 2014 02:20 PM

ඕක මොකද්ද (හේ)

:       0       0

රිෂාර්ඩ් Monday, 10 November 2014 02:23 PM

මෙච්චර ලෝකෙට බලවතා උන රටක හිගමන් යනවා කියන්නේ ඒක දිට්ඨ දම්ම වේදනීය කර්මය පරිසන් දීලා තමා සත්‍ය තිත්තයි කොහොමත්.(හේ)

:       0       0

මනෝ Monday, 10 November 2014 02:27 PM

අපොයි ධර්මදාස. ජාතික වීරයෝ කියන්නේ හැංගිලා ඉඳල අහිංසක මිනිස්සුන්ව මරණ මිනී මරුවන්ට නෙවෙයි. කැප්පෙටිපොල වගේ මුනට මුණ සටන් කරපු අයටයි. ඔය වගේ මෝඩ අදහස් දාල නිකන් ආගම ජාතිය දෙකම හෑල්ලු කරන්න එපා (අ)

:       0       0

බණ්ඩාර Monday, 10 November 2014 09:47 AM

ධර්මදාස , අනිත් දවසේ තමුන් මොට්ටදාස කියලා අදහස් දාන්න.මොකද තමුන්ගේ අදහස අනුව ප්‍රභාකරනුත් ජාතික වීරයෙක්. (නි)

:       0       0

හමීඩ් Thursday, 18 December 2014 03:27 PM

අනේ හැබෑට වෙච්ච දෙයක්! (නි)

:       0       0

කුමාර් Monday, 10 November 2014 03:11 PM

පව් වැඩේ සෙබලට වුනේ.(හේ)

:       0       0

කමල් Monday, 10 November 2014 10:08 AM

බිල් ලාඩන් සුදු කොඩිය වනනකොට ද දන්නේ නැහැ මරා දැම්මේ (බ)

:       0       0

බටුගෙදර Tuesday, 11 November 2014 02:31 AM

දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මයත් වර්ගීකරණය වෙලා වගෙයි (නි)

:       0       0

මහේන්ද්‍ර Monday, 10 November 2014 11:46 AM

පව් සෙබලා.(හේ)

:       0       0

පොඩි නෝනා කොටිකාවත්ත Tuesday, 11 November 2014 01:38 PM

මම ඇමරිකාවේ ඉඳලා ආපු අයගෙන් අහලා තියෙනවා, ඇමරිකාවේ සියල්ලම සල්ලි වලට දොස්තර, ඉස්පිරිතාල, බෙහෙත්, පැන්සන් එක පවා, අතපය වාරු නැති දවසට සිඟමන් තමා කියලා. (ර)

:       0       0

අසින්ත Monday, 10 November 2014 12:20 PM

ධර්මදාස, ඔයාගේ නම ධර්මදාස නෙමෙයි බූරු දාස කියල දාන්න තිබ්බේ. අහිංසක ජීවිත 10000 ගානක් විනාශ කරපු මේ මිනීමරුවාටද (ඔසාමා ටද?) ඔයා නිර්භීත මනුෂ්‍යයෙක් කියන්නේ? එහෙනම් ඔයා ප්‍රභාකරන් ටත් එහෙම කියනවා ඇති. අනේ මන්දන්නේ නැහැ ඔයා බත්ද, පුන්නක්කුද කන්නේ කියලා. (නදී)

:       0       0

රුවන් Tuesday, 11 November 2014 05:16 AM

මෙයා චන්දෙ ඉල්ලුවද දන්නේ නැහැ .... (ස)

:       0       0

සමන් Tuesday, 11 November 2014 05:18 AM

ධර්මදාස , වහාම අංගොඩ ගිහිල්ල ඔලුව බලා ගත්තොත් හොඳ නේද ? ඔය වගේ මිනිස්සු ඉන්න ඕනේ අංගොඩම තමා. (ස)

:       0       0

හාමිඩ් හසන් Wednesday, 17 December 2014 04:35 PM

බින් ලාඩ්න් කියන්නේ ,ඉස්ලාම් ආගම වෙනුවෙන් සටන් ක‍රපු කෙනෙක්.අල්ලාහ්ගේ ආශිර්වාදය නිසා අර ප‍ර සුද්දන්ව විනාශ කරන්න ලැබුන.ඒ මොකද,මුස්ලිම් ජනතාවට දෙන හිරි හැර ඉවසන්න බැරි නිසා.සෙබලාට වුනේ අල්ලාහ්ගේ ශාපය ඉල්ලගන්න.මුල් කාලවාදී එයා ප්‍රස්සිද්ධ වෙන්න ඇති .නමුත් දැන් ,(අ).

:       0       0

දුලංකා Monday, 10 November 2014 09:13 PM

ඔහුට මොකක්හරි සාධාරණයක් කරන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1915 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site